
( ටී.කේ.ජී.කපිල )
කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වා ගෙන ගිය ගොවිපළක බලහත්කාරයෙන් රදවා ගනිමින් , පහර දෙමින් , ආහාර සහ වැටුප් ලබා නොදෙමින් වැඩ ගනිමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 06 දෙනෙකු බලවත් පරිශ්‍රමයක් දරා එයින් බේරා ගෙන අද 9 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මොවුන් සියලු දෙනා ත්‍රිකුණාමලය , කින්නියා ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වූහ .
මොවුන් පිරිස කින්නියා ප්‍රදේශයේ නීත්‍යානුකූල නොවන තැරැව්කරුවෙකු මාර්ගයෙන් කුවේටයේ මෙම රැකියා සදහා ගොස් තිබුණි .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කුවේට් රාජ්‍යයේ ෂේක්වරයෙකු විසින් පවත්වා ගෙන යනු ලබන ගොවිපළක මෙසේ සේවයේ යොදවා තිබුණි.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙම ගොවිපළේ සිට කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රාත්‍රී කාළයේ ලබා දුන් දුරකථන ඇමතුමක් අනුව ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම සකස් කර තිබුණි .
අතිශය දුෂ්කර මංමාවත් නොමැති මෙම කාන්තාර ප්‍රදේශයේ පිහිටි මෙම ගොවිපළේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය .
කුවේට් රාජ්‍යයේ ප්‍රබල ෂේක්වරයාගේ බලපෑම සහ පරිසරයේ පවතින දුෂ්කරතා වලට මුහුණ දීම සදහා කුවේටයේ ඉහළම ආරක්ෂක අංශ ප්‍රධානී මේජර් ජනරාල්වරියගේ සහාය ලබා ගැනීමෙන් විශේෂ හමුදාමය මෙහෙයුමක් දියත් කර මෙම පිරිස බලවත් පරිශ්‍රමයකින් පසුව බේරා ගෙන තිබේ .
එසේම එම නිලධාරීවරියගේ සහ එරට රජයේ සහාය මත මෙසේ මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීම සදහා වීසා ලබා ගැනීමට ද හැකි වී තිබේ.
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන තානාපති නිලධාරී අබ්දුල් හලීම් සහ එහි තෙවන ලේකම් ජනක සමරසේකර යන මහත්වරුන් මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිස බේරා ගැනීමට මහත් උනන්දුවකින් කටයුතු කර තිබේ .
මෙසේ මෙම ගොවිපළේ මේ ආකාරයට රදවා ගෙන සිටි තවත් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනකු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .
ඔවුන් ඇසුරෙන් මේ වනවිට ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා මෙම නීතිවිරෝධී තැරැව්කරුවන් සහ මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් අරභා තිබේ .
මෙම තරුණයන් පිරිස අද 09 දින අලුයම 03.30 ට කුවේට් සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම තරුණයන් පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාර ගෙන, ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
204
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාන ගොවිපොළක හිර කරන් සිටි ලාංකිකයෝ බේරා ගනිති
LalithM Monday, 09 January 2023 08:31 AM
ඉරානයේද ? කුවේටයේද?
Lankika Monday, 09 January 2023 09:03 AM
ටොපික් එක හරියට ලියන්න
යෝගා Monday, 09 January 2023 09:29 AM
ගොවිපල ඉරානයේ නම් වෙනත් රටක හමුදාවක් යොදලා බේරගන්නේ කොහොමද? ඔයවගේ වහල් වැඩ ගන්නේ අරාබි කාරයෝ මිසක් පර්සියානුවො නෙමෙයි
fairoos Monday, 09 January 2023 12:55 PM
මෙයට මැදිහත්වූවෝ සැමට පින්...
gunapaala Thursday, 12 January 2023 05:52 AM
අල් ජසීරා කියලනම් ගුවන් සේවයක් නැහැ, ජසීරා කියලනම් තියෙනවා අල් ජසීරා කියන්නේ මාද්‍ය ආයතනයක්