IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉරානයේ ඉන්ධනවලට ඩොලර් මිලියන 500ක තේ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව ඉරානයෙන් ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500 ක තේ අපනයනය කිරීමට සැළසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වසර අවසානය වන විට තේ කිලෝග්‍රෑම් මිලියන 290 ක් අපනයනය කිරීමට හැකි වේ යැයි පුරෝකථනය කර ඇති බවත් එසේම මාර්ගගත ක්‍රමය හරහා ලෝක තේ වෙළඳපොළ සමඟ ගනුදෙනු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

ඉරානයෙන් ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500ක තේ අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ඉරාන තේ වෙළඳපොළ නැවත ලබාගැනීමේ හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා කීය. 



අදහස් (0)

ඉරානයේ ඉන්ධනවලට ඩොලර් මිලියන 500ක තේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site