මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. බැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊශ්‍රායලය වහා ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වෙද්දී, ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය, එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවත්, ගුවන් කලාපය වසා දැමීමට තීරණය කළ බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.
තමන් ඊශ්‍රායලයට පහර දෙන බැවින්, ඊශ්‍රායලයේ මිතුරා ඇමෙරිකාව ‘පැත්තකට වී සිටියොත් හොඳයි’ යැයි ඉරානය ඇමෙරිකාවට ද තර්ජනය කර තිබුණි. ඉරානයේ එම තර්ජන මැද, ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස, ඇමෙරිකන් යුද නැව් ගල්ෆ් කලාපයට යැවීමට ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන තිබේ.
ඉරානය මෙසේ ඊශ්‍රායලයට පහර දීමට තීරණය කළේ, මීට දින කීපයකට පෙර, ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි ඉරනා කොන්සල් කාර්යාලය විනාශ වීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.
(අල් ජසීරා)
පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධක
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අනිද්දා (8)පිටත්ව යයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඨීඡ+ අධීක්ෂණ මෙහෙයුමේ කොටසක් ලෙස යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස්
ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ඡන්ද දායකයන්ගෙන් සියයට 63ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පැවසිය.
2024 පලාත් පාලන ජන්ද විමසීම ප.ව. 4.00 ට අවසන් වනවිට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්ගෙන් 62.8 % ක් සිය ජන්දය ප්‍රකාශකර ඇති බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් හ
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
විශ්ම බණ්ඩාර Sunday, 14 April 2024 06:11 AM
ඔන්න ඉරානේ අවුරුදු කන්නයි හදන්නේ. ඊශ්‍රායලය කෑම ලෑස්ති කරයි ටක්ගාලා...
Asanka Prasad Sunday, 14 April 2024 08:21 AM
ඉරානය විසින් විදේශ මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඩ්‍රෝන ප්‍රහාරයන් 100කට අධිකයි... මිසයිල ප්‍රහාරයන්ට අමතරව මැදපෙරදිග ඔය ලෙස ඇවිලීම තුළින් අපේ රටද යම් අර්බුදයකට ලක්වෙනවා. අපේ තේ මිලදී ගන්නා වගේම අපි තෙල් මිලදී ගන්නා රටක් වන ඉරානයට ඉදිරියේ ජාත්‍යන්තර වශයෙන් සම්බාධක පැනවීමට හැකියාව පවතිනවා. අපේ ජනතාව ඔය ඊශ්‍රායලය වගේම ඉරානයේත් සේවය කරනවා. ඒ අයගේ ජීවිත ආරක්ෂාව ගැටළු පැන නගිනවා. ඒ අයට රැකියා අහිමිවෙන්න පුළුවන් අවධානමක තියෙන්නේ... ඊශ්‍රායලයට මුස්ලිම් අන්තවාදී සංවිධාන දෙකක් පහර දෙනවා වගේම සිරියාවත් පහරදීම සිදුකරනවා. දැන් ඉරානය, ඊශ්‍රායලය වෙත බටහිර රටවල් සහායට ආවොත් ලෝක යුද්ධයකට සමාන තත්වයක් පවතීවි... ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් පවතින අපේ රට නැවත අර්බුදයට ලක්වීමට හැකියාව පවතිනවා...