
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, ජනාධිපති ලෙස කටයුතු කරන මධ්‍යස්ථමතධාරී මෙසූඩ් පෙසෙෂ්කියන් එරට නීතිපති සහ නීතිවේදීන් කීප දෙනකු සමඟ එක් වී අන්තර්වාර රජයක් පිහිටුවනු ඇතැයි පැවැසෙයි.
ඉරාන රජයේ බලවත්ම තැනැත්තා ලෙස සැලකෙන්නේ උත්තරීතර නායකයාය. ජනාධිපතිවරයා සිටින්නේ ඊට පහළිනි.
අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, ඉරානයේ ඉස්ලාමීය පාලක මණ්ඩලය උත්සාහ ගනිමින් සිටින්නේ තවත් උත්තරීතර නායකයකු පත් කර ගැනීමට යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඉරානයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, කමේනිගේ අනුප්‍රාප්තිකයා තෝරා ගත යුත්තේ පුජකයන්ගෙන් සැදුම්ලත් මෙම පාලක මණ්ඩලයයි.
පූජකවරුන් 88 දෙනෙකුගෙන් මෙම පාලක මණ්ඩලය සැදුම්ලත්ය. මෙම පාලක මණ්ඩලයට පූජකයන් තෝරා ගැනීම සිදුවන්නේ ජනතා ඡන්දයෙනි.
එසේ වුවත්, ඊට තරග කල හැකි වන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජයට පක්ෂපාතී අයට පමණයි. එබැවින් බොහෝ සාමාජිකයින් අයතුල්ලා අලි කමේනි මෙන් ඉතා දැඩි මතධාරීන් බව පැවැසෙයි.
ඔවුන් ඉක්මනින් නව උත්තරීතර නායකයෙකු තෝරා ගත යුතුයි. කෙසේ නමුත් ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රහාර හමුවේ ආරක්ෂිතව ඔවුන්ට රැස්වීම දුෂ්කර වී ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට මේ වගේ පාලනයක් යෝජනා කරන්නද පසුගියදා පැවැත්වූ සංඝ සම්මේලනයේ සංවිධායක කට්ටිය බලාගෙන හිටියේ....
ආගම කියන්නේ ජීවිතයේ එක කොටසක් විතරයි - කලාව, විද්‍යාව, ක්‍රීඩාව වගේ. ඒක මූලික කරගන්න දඟලන අයව සමාජයෙන් වෙන් කරලා තියන්න ඕනෑ.
ඔය 88 රැස්වෙච්චි ගමන් එතැනට මිසයිලයක් ගැහුවා නම් යුද්දේ ඉවරයි. නැත්තම් එකෙක් මැරෙන්න මැරෙන්න මේ සෙට් එක උත්තරීතර නායකයෝ පත්කර ගනී.
රටක ස්වෛරීත්වය සහ අනන්‍යතාවය රැකගැනිම් එරට රාජ්යාතවයට අයිති කාර්යයක්.. නමුත් මම දැක්කා කවුද jvp කාරයෙක් කොමෙන්ටස් දාලා තිබ්බා සංඝ සමුලුවක නායකයෙකු පත් කරගැනීම ගැන....
රටක පාලනය ආගමිකකරණය කරනවාද නැද්ද යන්න තීරණයකරන්නේ ඒ රටේ ජනතාවයි. එවැනි රටක පාලනබලය එසේ නොවිය යුතුයි කියා කියන්න පිටරැටියෙකුට අයිතියක් නෑ. නමුත් ඇමෙරිකාවට යුද ශක්තියෙන් එය කලහැකි වෙන්න පුළුවන්.හැබැයි එය සදාචාරවත්කමක් නැති බලහත්කාරකමක් පමණයි.