IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ඉයර් ‍‍ෆෝන්‘ කනේ ගැහුවොත් ලෙඩේ

(රංජන් කස්තුරි)

දරුවන් අන්තර්ජාලයෙන් අධ්‍යාපනය කටයුතු සිදුකිරීමේදී ‘ඉයර් ‍‍ෆෝන්‘ භාවිත කිරීම නිසා කනට හානි සිදුවන බව උගුර කන නායස පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවැසුවාය. 

දරුවන් නිතර ඉයර් ෆෝන් කනේ ගසා සිටීම නිසා කලාඳුරු කන ඇතුළට තල්ලුවී යන අතර එම නිසා කන පැසවීම, පුස් හටගැනීම, කන් බෙරයට හානිවීම සිදුවිය හැකි බවද චන්ද්‍රා ජයසූරිය මහත්මිය කීවාය.

කනට එවැනි හානි සිදුවීම නිසා ශ්‍රවණාබාධ හටගන්නා බවද එ නිසා ප්‍රෙව්ශමෙන් කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරිය පැවැසුවාය. 

කනට යම් හානියක් සිදුවුව හොත් හෝ ඇසීමේ දුර්වලතා ඇත්නම් ප්‍රමාද නොවී වෛද්‍යවරයකු හමුවිය යුතු බවද චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවැසුවාය.



අදහස් (2)

‘ඉයර් ‍‍ෆෝන්‘ කනේ ගැහුවොත් ලෙඩේ

Bandara Thilakarathne Thursday, 02 March 2023 07:54 PM

අවුරුදු තුන හතරකට කලින් තිබුණු ඉයර් පෝන් එක මගේ හැටියට අවුලක් නැහැ නේද? ඒක කණ ඇතුළට යන්නේ නැහැ...

:       1       2

චින්තක Friday, 03 March 2023 05:58 AM

ඉයර්ෆෝන් කනේ ගහනවා වගේම තමයි ජංගම දුරකථන නිතරම බැලීම කියලා කියන්න පුළුවන් .මම දවසක් රාත්‍රියේ බසයක ආවෙ හිටගෙන. ඒ වෙලාවෙ ඉදගෙන සිටි සියල්ලෝම වගේ ජංගම දුරකථන වලින් විවිධ දේවල් බලමින් සිටියා .එය මට කිසිම වැදගත් කමක් නැහැ. නමුත් මම ඒවා දෙස නොබැලුවත් මගේ ඇස්වලට දැඩි පීඩාවක් ඇති වුනා. ඒ නිසා මට හිතුනා වැඩිකලක් නොගොස් බොහොමයක් දෙනාට ඇස්වලට හා කන්වල අසනීප ඇතිවෙන්න පුළුවන් කියලා .මේක විද්‍යා විෂය නූගත් උසස් පෙළ දක්වා කලා අංශයෙන් ඉගෙනුම ලැබූ මගේ පුද්ගලික අදහසක් පමණයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site