(විමුක්ති එස් රුද්‍රිගු)
ඉම්රාන් ඛාන්ට විරුද්ධව ඉස්ලාමාබාද් අධිකරණයේ ගොනු කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට වරදකරු වීම හේතුවෙන් එම අධිකරණය ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.
එසේම වසර පහක් යනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම ඉම්රාන් ඛාන් ට ඉස්ලාමාබාද් අධිකරණය තහනම් කර ඇත.
දඬුවම නියම කිරීමෙන් පසුව නිකුත් කළ වරෙන්තුව හේතුවෙන් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුව කොට් ලක්පට් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙන් ලැබුණු ත්‍යාග පිළිබඳ අසත්‍ය තොරතුරු ලබා දීමත් එම ත්‍යාග විකිණීමට උත්සාහ දැරීමත් යන චෝදනා වලට ඉම්රාන් ඛාන් වරදකරු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉම්රාන් ඛාන්ට සිර දඬුවම්
Shantha -Qatar Saturday, 05 August 2023 04:56 PM
අපේ රටේ හොරකම් කරපු අය කවද්ද හිරගෙට යවන්නේ... ?
sisil Saturday, 05 August 2023 05:44 PM
විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් ලැබුණු ත්‍යාග කිසිවකුට විකිණීමට නොහැකිය. එම ත්‍යාග ලැබෙනුයේ රටට මිස පුද්ගලයාට නොවේ. එමනිසා ලැබුණු ත්‍යාග පිළිබඳව සටහන් කර සුරක්ෂිතව තබාගැනීමට කටයුතු කළයුතුවේ....
ගමේ එකාලා Saturday, 05 August 2023 07:25 PM
ජනතාවට බොරු පොරොන්දු දීලා රවට්‍ටලා බලයට ආපු දූෂිත පවුල් පාලනේ අය රටම හොරාකාලා වළපල්ලට ඇදලා දැම්මා. සදහටම හිරේ ඉන්න ඕනෑ අයට අවුලක් නැහැ.
Lalla Saturday, 05 August 2023 10:58 PM
ඔය විදිහට රාජපක්ෂ පවුල කොහේද ඉන්න ඕන?