IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉම්රාන් ඛාන්ගෙන් මන්ත්‍රී ධුරය ගැලවෙයි

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, අග්‍රාමාත්‍ය ධුරය කටයුතු කරන අවස්ථාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු තෑගි සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සහ නිවැරදි නොවූ වත්කම් ප්‍රකාශයක් ලබා දීම සම්බන්ධෙයන් වැරදිකරු යැයි ඔප්පු වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි වසර 5 කට අහෝසි කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජා ප්‍රමුඛ සාමාජිකයන් හතරදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.කෙසේ නමුත් ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය තීන්දුව පිළිනොගන්නා බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

එසේම මැතිවරණ කොමිසමේ මෙම තීරණය අභියෝගයට ලක් කරමින් ඉස්ලාමාබාද් මහාධිකරණයේ අභියාචනාවක් ගොනු කරන බවද තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ප්‍රකාශ කළේය.

034



අදහස් (2)

ඉම්රාන් ඛාන්ගෙන් මන්ත්‍රී ධුරය ගැලවෙයි

Saman gamini Friday, 21 October 2022 10:48 PM

පාර්ලිමේන්තුවේ සහය ඉම්රාන් ඛාන්ට නැති වුනාට මුලු රටෙම ඡන්ද තියෙනවා.

:       0       15

දාස Saturday, 22 October 2022 12:11 PM

ළඟදී තිබිච්ච අතුරු මැතිවරණ 8 න් 7 ඔහුගේ පක්ෂය ජයගත්තා. ඔහු අවංක මිනිහෙක්, තාමත් ජනතාව ඔහු සමගයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site