IMG-LOGO

ඉම්රාන්ට දස වසරක සිරදඬුවමක්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට දස වසරක සිරදඬුවමක් නියම කෙරුණි.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කළැයි චෝදනා එල්ල වී තිබුණු අතර, දස වසරක සිරදඬුවම් නියම වූයේ විශේෂ අධිකරණයක් හමුවේ එම චෝදනා විභාග කෙරුණු අවස්ථාවේදීය.

ඉම්රාන් ඛාන්, මේ වනවිටත් බන්ධනාගාරගතව සිටී. ඒ, තවත් දූෂණ චෝදනා කීපයකට වරදකාරු වීමෙනි.

ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ 2022 වසරේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයකිනි.

විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූ අවස්ථාවේ, රාජ්‍ය තාන්ත්‍රික ලියවිලි ආපසු බාර නොදීම සම්බන්ධයෙන් ඉම්රාන්ට චෝදනා එල්ල වී තිබුණු අතර, ඔහු වරදකරු වූයේ එම චෝදනාවලටය.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වනවිටත් සිටින්නේ බන්ධනාගාරගතවය. ඒ, තවත් දූෂණ චෝදනාවලට වරදකරු වීමෙනි.

ඉම්රාන් ඔහුට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඉම්රාන් පවසන්නේ, ඔහුට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ඉම්රාන්ට දස වසරක සිරදඬුවමක්

පිටරැටියා Tuesday, 30 January 2024 07:55 PM

පකිස්තානයේ එහෙම උනත් රටම හොරාකාලා විනාශ කරපු බලලෝබි දූෂිත දේසපාලුවෝ තවමත් නිදැල්ලේ .උසාවි තීන්දු වෙන් වැරැදි කාරයෝ වෙළත් අවුලක් නැහැ .

:       0       0

Perera Wednesday, 31 January 2024 04:52 AM

පාකිස්තානයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ගසාකාපු මැති ඇමැතිලා ලංකාවේ හිරේ යන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 179 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site