IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉම්රාන්ට එරෙහි විශ්වාසභංගය කල්යයි

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්ද විමසුම පැවැත්වීමට තිබු නමුත් එය ලබන 28 වැනිදා තෙක් කල් දැමුණි.

‘පාකිස්තාන ජනතා පක්ෂය’ විශ්වාසභංග යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ පසුගිය 8 වැනිදාය. ඡන්ද විමසුම පැවැත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් ඉවත් කිරීමට විපක්ෂ මන්ත්‍රීවරුන් පමණක් නොව, අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පාලක පක්ෂයේ කැරැලිකාර මන්ත්‍රීවරුන් පිරිසක් ද සූදානමින් සිටි බව පැවැසිණි.

පසුගිය පෙබරවාරි 15 වැනිදා පාකිස්තාන පාර්ලිමේන්තු මහ ලේකම් ඛායල් සමාන් අභාවප්‍රාප්ත විය. ඛායල් සමාන් පිළිකා රෝගියෙකු බව පැවැසෙයි. උදෑසන 41 වැනි පාර්ලිමේන්තු සැසිය ආරම්භ වූයේ ඛායල් සමාන් මෙන්ම, පෙෂාවෝර් නගරයේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය අය වෙනුවෙන් ආගමික වතාවත් සිදු කරමිනි.

පාකිස්තාන පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව, පාර්ලිමේන්තු සාමාජිකයකු මියගිය පසු ඇරැඹෙන පාර්ලිමේන්තු සැසිය වෙන් වන්නේ, මියගිය අය සිහිපත් කරමින් ගුණඅනුස්මරණය සඳහාය. ඒ අනුව, විශ්වාසභංගට අදාල ඡන්ද විමසුම පැවැත් වූයේ නැත.

(රොයිටර්)



අදහස් (0)

ඉම්රාන්ට එරෙහි විශ්වාසභංගය කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site