IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉබි ගමන ගැන කෝපාවෙන් දොස්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ බරපතළ  ප්‍රමාදයක් පවතින බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ එම කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ පත්වීම් බලධාරියා අමාත්‍යවරයා වන බැවින්ද අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ පත්වීම් බලධාරියා ජනාධිපති වන බැවින්ද  කරුණු විමසීම සඳහා ඔවුන්   කැඳවීම් කිරීමට කොමිෂන් සභාවට බලයක් නොමැති  හෙයින්  පැමිණිලි විභාග කිරීම ප්‍රමාද වන බවයි.

පැමිණිල්ලක් ලැබුණ පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කොමිෂන් සභාවකට නොහැකි නම්  එය ක්‍රමයේ වැරැද්දක් බවත් එම වරද්ද නිවැරදි කිරීමට කටයුතු  කරන ලෙස කෝපා කමිටුව මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ව්‍යුහය තුළ එක් සේවා නිලධාරී කාණ්ඩයකට අයත් නිලධාරීන් පමණක් නියෝජනය වීම අපක්ෂපාතී සහ සාධාරණ ක්‍රියාදාමයට බාධා විය හැකි බව කෝපා කමිටුවේ අදහස විය

එබැවින් මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා කටයුතු කිරීමට කෝපා කමිටුව රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ නිලධාරීන්ට නිර්දේශ කළේය.



අදහස් (3)

ඉබි ගමන ගැන කෝපාවෙන් දොස්

අබිලින් Friday, 02 February 2024 06:16 PM

කොමිසමේ අයගේ ප්‍රකාශය නිවැරැදියි. රජයේ සේවකයින් නිලධාරින් පත්කිරීමට බලය තියෙන්නේ ඇමැති මණ්ඩලය වෙතට ඉහළම නිලධාරින් පත්කිරීම ජනාධිපති කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව.. ඉතින් ඇමැති මණ්ඩලය වගකීම වරින්වර රාජ්‍ය සේවා කොමිසමට පවරනවා වුණත් ඇමැති මණ්ඩලයේ වගවීම අහෝසි වෙන්නේ නැහැ. එනිසා ව්‍යවස්ථා දායක සභාව මෙන් ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් නැතුව පවතින ආකාරයට කොමිසමක් තිබුණා කියලා වැඩක් නැහැ..!

:       1       0

Deepal Nirosh Friday, 02 February 2024 08:54 PM

ඔය මොන කොමිසම වුණත් පිරිමියෙක් ගැහැණියක් කිරීමට හා ගැහැණියක් පිරිමියෙක් කිරීමට පමණක් බැරි අධිපතිවරයාට යටයි. මාමාට පුළුවන් නම් බෑණාට බැරි ඇයි? සී/ස සහෝදර සමාගමේ පාලන කාලේත් එහෙමයි. ඉතින් මේ දෙකල්හිම ආණ්ඩුව නියෝජනය කරපු කල්ලිය දැන්ද මේවා දැන ගත්තේ..? පහුගිය පළාත් පාලන මැතිවරණ අවස්ථාවේ මැතිවරණ කොමිසමට කැඳවපු මුදල් අමාත්‍යංශ ලේකම් ආවාද?

:       0       1

swene Saturday, 03 February 2024 05:45 AM

රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ හිටපු පරිපාලන නිලධාරීන් සහ නීතිඥයින්. වෙනත් සේවාවල ප්‍රශ්න ගැන ඔවුන්ගේ අවබෝධය මදි. ඒ අය බලන්නේ ඔවුන්ගේ සේවාව ක්‍රියාත්මක කිරීමේ කෝණයෙනුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 154 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site