
(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල අවලංගු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඇනවුම් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්‍රීය 8.00 ට වසා දමන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාටුන්න මහතා අද (1) පෙරවරුවේ පැවසීය.
රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් මීට පෙර පැය 24 සේවා කාලයක් ඉන්ධන සැපයූ බව ඒ මහතා සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හල්වලට ඊයේ දිනයේ ඇනවුම් කළ ඉන්ධන තොග අද දිනයේත් ලැබෙනු ඇති බවත් සඳුදා දින සඳහා ඉන්ධන තොග ඇනවුම් කර නොමැති බවත් නාඔටුන්න මහතා සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හල් හිමියන් ද ව්‍යාපාරයක් කරන බැවින් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කී නාඔටුන්න මහතා බලධාරීන් මෙම ගැටළුවට විසඳුම් දීම සඳහා හැකි ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
COMMENTS
ඉන්ධන කියන්නේ අත්‍යාවශ්‍ය සේවා? ලයිසන් කෑන්සල් කරන්න.
ඔන්න අපි ආයෙත් පෝලිමට යනවා. ඊයේ මට පෝලිමේ ඉන්න සිද්ධ වුණා. දැන් මේ ප්‍රශ්නය බරපතළ වෙනවා. ඉන්ධන නැහැ, නමුත් ඇමැතිවරුන්ගෙන් අපට කුණුහරප ඇහෙනවා. මේ වැඩකට නැති, අකාර්යක්ෂම, ප්‍රායෝගික නොවන ඇමතිවරුන්ට ප්‍රායෝගිකව මේ රට පාලනය කරන්න බැහැ. මේක දැන් අවුල් ජාලයක් බවට පත්වෙමින් තියෙනවා. ඔවුන් තමන්ගේ සුපිරි මෝඩ මොළයෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා. උදාහරණයක් ලෙස ඔවුන් තොරතුරු තාක්ෂණ සේවකයින්ට බදු ගහන්න පටන් ගත්තා. මේක අනවශ්‍යයි. "සතයක් ඉතිරි කර ගැනීමට අවශ්‍ය නමුත් අවසානයේ ඩොලරයක් නාස්ති කරනවා" නාස්ති කරනවා" මේ ගෞරවනීය මෝඩයින් කවදා ඉගෙන ගනීවිද". ඔවුන් අපි ඉන්ධන පෝලිමේ ඉන්නවාට කැමැතිද?. ඔවුන්ට අවශ්‍ය නම්, බිලියන ගණනක් ඉතිරි කර ගැනීම සඳහා අනවශ්‍ය දහස් ගණනක් රාජ්‍ය සේවකයින් ස්වේච්ඡාවෙන් ඉවත් කිරීමට පියවර ගන්න"
ඉන්ධන නැත්නම් ඇරගෙන මොනවා කරන්නද? ගොන් වැඩ නොකර උසාවි නියෝගය කියවලා රටේ ජනතාව ගැන හිතන්න, රටේ පාලකයෝ සහ ජනතාව කැපකිරීම් කරනකොට මස් රාත්තලම ඉල්ලන්න එපා..
පොම්පකරුවන් හොරට තෙල් ගැසීමේ වාසියත් බෙදුම්කරුවන්ට ලැබෙනවා උදාහරණයක් ලෙසට වාහනයේ ඉන්ධන ලීටර් දෙකක් තුනක් තිබියදී කෙනෙක් ගිහිල්ලා තමන්ගෙ කාරයට රුපියල් 5000/= ගහන්න කියනවා පොම්පකරු රුපියල් 4000/=ත් 4500/= අතරෙදි මීටරය පමනක් ක්‍රියාත්මක වෙන්න සලස්වනවා එවිට පාරිභෝගිකයා ගෙවූ මුදලින් දහයෙන් එකක් පමණ බෙදුම්කරු ගසාකනවා මේවාටත් නීතියක් ක්‍රියාත්මක කර එලෙස ගසාකෑමත් නවත්වනවා නම් ඉතාමත් හොඳයි... ගරු ඇමැතිතුමාගේ අවදානයට යොමුවේවා..!
සත්‍ය වශයෙන්ම මේ 3% ලංකාවට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ...!
ව්‍යාපාරික ප්‍රජාව මහජන සේවයක් කරනවා කියලත් ඒ සේවය ලබන මහජනතාවට පීඩා කිරීම අපරාධයක් කියලත් නොසිතනවා නම් 69 ලක්ෂයක වරමක් තිබුණු විධායක ජනපති පන්නලා දාපු මහජන මතය ගැනත් හිතන්න ඕනෑ. ඊළඟ පියවර සිපෙට්කෝ ඉන්ධන අලෙවිසැල් වර්ජනය කිරීමට පියවර ගැනීම...
මේ අයව අත්අඩංගුවට අරගෙන රැකියාවලින් ඉවත් කළ යුතුයි. රජය මීට දැඩි පියවර අනුගමනය කළ යුතුයි.
උසාවි තීරණයක් නම් මොවුන් උසාවියට අපහාසය කර තිබෙන්නේ වහාම උසාවිය මගින් සදාධාරණයක් කළ යුතුයි
වරදක් නම් වෙලා තියෙන්නේ එක නිවැරදි කරගන්නවා වෙනුවට ඒ වරද දිගටම කරන්න බැහැනේ. වැඩිය දැගලුවොත් වැරදි ලෙස ගෙවූ මුදලත් අය කරගන්න කටයුතු කලානම් ඉවරයි. අනික මෙවැනි සේවාවන් රජ්‍ය ව්‍යාපාර ලෙස පවත්වාගෙන යායුතුයි.
ඇත්තටම මේ 3% තුනක් නිසා මුළු රටේම මිනිසුන්ගේ දෛනික ජීවිතේටයි බලපාන්නේ. රැකියා කරන පුද්ගලයින්ට වෙන්නේ දවසම තෙල් පෝලිම් වල ඉන්න. එදා වේල හම්බ කරන් කන මිනිස්සුන්ටත් වෙන්නේත් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන එකයි. නිලය, බලය, මුදල් තියෙන මිනිස්සුන්ට ඒවා ගැන ප්‍රශ්නයක්. අහිංසක, අසරණ, දුප්පත් මිනිසුන්ට විතරයි මේ තෙල්වල ප්‍රශ්න වලටත් මුහුණ දෙන්නේ. රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් තමයි දැන් පවතින්නේ... ඉතිං අන්න ඒ නිසා මේ අසරණ, අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරන්න එපා. අනික මේකෙන් වෙන්නේ රටේ වැඩ කරන මිනිසුන්ගේ වටිනා කාලය නිකං පෝලිමකට වෙලා ඉඳලා විනාශ වෙන එක විතරයි. ඉතින් මෙවන් විපත් ඇති නොවන ලෙස රජය මේ පිළිබඳ මනාව සොයා බලා වැඩ කටයුතු කරනවා නම් සුදුසුයි..
වැඩි හරියක් ඉන්ධන පිරවුම්හල් තියෙන්නේ පොහොට්ටුවේ සහ සජබ හිටපු සහ දැන් ඉන්න මන්ත්‍රිවරුන්ට, උන් හැන්ද අතේ තියෙන කාලයේ තමන්ට රිසිසේ බෙදා ගත්ත නමුත් කටු කන සෙට් එකට නම් ඒවා අදාළම නැහැ වගේ.
ෆුල් ටැන්ක් කරද්දි අපිහිතමු උදාහරණයක් විදිහට 990 995ක ඉන්ධන ලබා ගත්තා කියලා. කවදාවත් ඉතිරි ලැබෙන්නේ නැනේ.
ඔබලා මොන අංචිය ඇද්දත් මේ ආණ්ඩුවත් තොපිව අරින්නේ නැහැ. රජය කෙසේ වෙතත් අපි රට වැසියෝ කුලප්පු වුණොත්, හැමෝම ඉල්ලලා ඇරගන්නවා. බෙදා හැරිමේ පරයින්ට මාර අමාරුවක් තියෙන්නේ.