
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ මරාපි ගිනි කන්ද පුපුරා යෑමට පටන්ගෙන ඇති බවත් 11 දෙනකු මියගොස් ඇති බවත් ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
ගිනි කන්ද පිපිරීමත් සමඟ අතුරුදන් වුණු ගණන 12 ක් බව ද පැවැසෙයි. තුවාල ලබා රෝහල් ගත කළ ගණන තුනකි. ගිනි කන්ද දිගින් දිගටම පුපුරා යන බැවින් අතුරුදන් වූවන් සොයා සිදු කරන මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇත.
පුපුරා ගිය ගිනි කන්දේ දුම්වලා සහ අළු කිලෝ මීටර් 3 ක් දුරට පැතිරී තිබේ. ගුවන් ගමන් කටයුතුවලට ද එම දුම්වලා බාධාවක් වී ඇතැයි පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අපේ ලොක්කා අර සමුළුවේදී ඉන්දුනීසියානු ජනාධිපති තුමාටත් අතට අත දීලද? නැතිනම් යන ගමන් ඇඟේවත් ගෑවිලාද? පවු ඉන්දුනීසියාව ගැන කණගාටුයි...