IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය විදේශ ලේකම් ජනපතිට දුන් සුබ පොරොන්දුව

(සුජිත් හේවාජුලිගේ)

දුෂ්කර   අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට   ඉන්දීය රජය සමීපතම මිතුරකු ලෙස  උපරිම සහය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (23) දැනුම් දුන්නේය.

ඔහු මෙසේ පැවසුවේ ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

මෙම දූත පිරිස  පැමිණ සිටින්නේ  ශ්‍රී ලංකාවට තවදුරටත්  මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමටය.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බවද ඔවුහු මෙහිදී  වැඩිදුරටත්  පැවසූහ.

අසීරු අවස්ථාවේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සහාය වෙමින්  සුවිශේෂි කාර්යභාරයක් ඉටු  කරන බවත් ඒ සම්බන්ධයෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයට  පිරිනමන බවත්  ජනාධිපතිවරයා එම දූත පිරිසට පැවසූහ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළේ  ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡා කෙරිණ.

දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මණින් රට යථා තත්වයට පත්වනු ඇතැයි  දූත පිරිස  මෙහිදී විශ්වාසය පළ කර සිටියහ.

ඉන්දීය ණය ආධාර යටතේ මේවන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් ලැබී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

මේ අවස්ථාවට ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත් (Ajay Seth), ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්ත නාගේෂ්වරන් (V Anantha Nageswaran), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay), නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ් (Vinod K Jacob), ඉන්දීය සාගරික කලාප (IOR) ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ (Kartik Pande) සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන  මහත්වරුන් ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ.



අදහස් (9)

ඉන්දීය විදේශ ලේකම් ජනපතිට දුන් සුබ පොරොන්දුව

darmaa Thursday, 23 June 2022 03:39 PM

උදව් කිරීම ගැන නම් සතුටුයි. ඉන්දීය ලංකා අපනයන වෙළඳාමේ අපට වාසිය 50-1ක් වගේ. ඉතින් ඔන්න ඕකේ ටිකක් වෙනසක් කරන්නකෝ...!

:       0       2

mp Thursday, 23 June 2022 04:41 PM

ප්‍රශ්න තියෙන්නේ ජනපතිට නෙවේ. රටේ පුරවැසියන්ට. සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත බල්ලට දාලා...

:       0       0

Maha zen Thursday, 23 June 2022 07:58 PM

මැණික අරගෙන ගියානේ... එහෙනම් උදව් කරයි..

:       0       0

chandima Thursday, 23 June 2022 08:48 PM

අර IMF කට්ටිය වගේ මේ ගොල්ලොත් ඇවිත් ඉන්නේ අග්‍රාමාත්‍ය තුමාගේ ඉල්ලීම පරිදිද?

:       0       0

Rata Perata Thursday, 23 June 2022 10:02 PM

ඉන්දියාවට අපේ අයට තරම් මොලේ අමාරු නැහැ... බලාගෙන ඉන්න නිකන් කන්න දෙයිද කියලා...?

:       1       0

Kumar (Gulf) Friday, 24 June 2022 12:49 AM

ඉන්දියානු ව්‍යාප්තවාදය පිටු දැකිය යුතුයි.

:       2       0

JAYATH Friday, 24 June 2022 10:09 AM

කව්රුවත් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමි ඉන්දියාව මේ දෙන "ආධාර " පිටිපස්සේ මොන න්‍යාය පත්‍රයක් තියනවද අපි දන්නේ නැහැ නමුත් රාජපක්ෂ හොර නඩේ චීනෙන් නය කාල කාල සතපහ වැඩක් නැති දේවල් මෙරටේ හදල මේක විනාසම කරා දැන් කෝ ඒ චීන ? උගේ වගක් වත් නැහැ නෙව කලින් නම් කාලකන්නි රාජපක්ෂ දේශපාලන හිවල්ලුන්ට හයියෙන් අධෝ වාතයක් ගියත් චීනේ නැතුව බැහැ.

:       4       7

ganegoda Friday, 24 June 2022 11:17 AM

මේවා ජනතාව සංසුන් කරන උප්පර වැට්ටි. රනිල් අගමැති වෙච්ච දවසේ ඉඳලා පිටරටවලින් මනුස්සයින් ඇවිත් උදව් කරන හැටි කියලා යනවා. ඒත් අද වෙනකන් ලැබුණු උදව්වක් නැහැ.

:       4       2

බද්රානි Friday, 24 June 2022 03:20 PM

ඉන්දීය විදේශ ලේකම්තුමනි, මේ රට මේ තරම් හිඟන තත්වයට පත්කළේ මේ රාජපක්ෂ පරම්පරාව තමයි. ඔවුන් කම්බා හොරු. මොවුන් ඉන්න තාක්කල් මේ රටට ආධාර ලබාදීමෙන් කිසිදු ඵලක් නැහැ. මොවුන් සියලුම ණය හොරා කනවා. ඉස්සර අපි ඉන්දියාවේ තමිල් නාඩුවට හිනා වුණා. දැන්, අපි තමිල් නාඩුවෙනුත් හිඟාකනවා. හැබැයි පින්ගුත්තරයින්ගේ පුරාජේරුව නම් ප්‍රෞඩ ජාතියලු.

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13282 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site