
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ රෝහලක පැය 24 ක් ඇතුළත එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 24 දෙනකු මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
රෝගීන් මියගොස් ඇත්තේ ‘ෂාන්කාරෝ චවාන්’ රෝහලේය. රෝගීන් මියගොස් ඇත්තේ රෝහලේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා එල්ල වෙමින් පවතී. මියගිය පිරිස අතරේ කුඩා දරුවෝ 13 දෙනෙක් ද වෙති.
රෝහලේ නොසැලකිල්ලෙන් රෝගීන් මියගිය බවට එල්ල වන චෝදනා රෝහල් බලධාරීන් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. රෝහලේ ඖෂධ හිඟයක් ද නොමැති බව ඔවුන් පවසා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඉන්දියාව හඳට ගියා අපි තාමත් හිගා කනවා." "75 අවුරුදු සාපය" වගේ හෑලි ලියමින් තමන් උපන් රටට දෙස් දෙවොල් තියන, එහෙත් සැලකිය යුතු ලෙස සෞඛ්‍ය අංශයෙන් දියුණුවක් ලබා තිබෙන මුත් ඒ නොදැක්ක සේ කටයුතු කරන කුහක නෝනා මහතුන්ට පේනවද මේ ඔබතුමන්ලා/තුමීලා ශ්‍රී ලංකාවට සාප කරමින් උඩ දාන රටේ ඉස්පිරිතාලවල ස්වරුපය?