IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඉන්දියාවේ එක්ක නොගියාට සජබ මන්ත්‍රීලා ලොකු අවුලක

(සුජිත් හේවාජුලිගේ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය නිල සංචාරයට මන්ත්‍රීවරුන් කිසිවක් හෝ සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි නොසතුටට පත්ව සිටින බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් නායකත්වය දැඩි ලෙස විවේචනය කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.

විපක්ෂනායකවරයා මෙවැනි නිල හමු වලට යෑමේදී අඩු තරමින් ආර්ථිකය සහ විදේශ කටයුතු ඇතුළු විශේෂිත විෂයයන් කෙරෙහි ප්‍රාමාණික දැනුමක් ඇති මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හෝ සම්බන්ධ කර ගත්තේ නම් එය ඉතා ඵලදායී වනු ඇතැයි පක්ෂයේ බොහෝ දෙනාගේ මතය වී ඇත.

විපක්ෂ නායකවරයාගේ මෙම නිල සංචාරයට සහභාගි වී ඇත්තේ ඔහු සහ පක්ෂයේ තවත් නිලධාරියකු පමණි. සංචාරයේදී විපක්ෂනායකවරයා ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකුම මුණගැසී සාකච්ඡා කළේය.

 



අදහස් (10)

ඉන්දියාවේ එක්ක නොගියාට සජබ මන්ත්‍රීලා ලොකු අවුලක

Jayasekara Saturday, 08 November 2025 09:43 AM

අනුර ජනාධිපතිතුමාගේ අඩිපාරේ යනවා. නිකන් මොකටද පක්ෂයේ සල්ලි නාස්ති කරන්නේ... කොස් කටින්...

:       7       20

පන්සිළු Saturday, 08 November 2025 09:53 AM

13 බලාත්මක කරනවා කියලා ඉන්දියාව චූන් කරලා ආවේ පුතානෝ.... ඊළඟ පාරත් කොටි ඡන්ද ටික ලැබෙයි. එච්චර තමයි...

:       5       29

අබා Saturday, 08 November 2025 10:35 AM

ආයෙ ඕකට කට්ටිය ඔනයෑ අපිට ටීවී එකේ බල බලා හිනාවෙන්නනේ තියෙන්නේ....

:       6       26

C.K.Lankaputhra Saturday, 08 November 2025 12:25 PM

කැන්දන් ගිය අනික් නිලධාරියා කවුද? ලක්ශමන් ෆොන්සේකාද?

:       2       16

රනේ Saturday, 08 November 2025 01:50 PM

සජබ = සජිත් ජලනි බලවේගය..?

:       3       17

විපරමා Saturday, 08 November 2025 03:07 PM

පුද්ගලික සන්චාරයක් කියලයි කිව්වේ, එහෙනම් ජලනි ඉන්න එපැයි. අඩුම ගානේ ආර්තික ඔස්තාර්වත් සම්බන්ධ කරගන්න තිබුණා. ළාමක ටින් ටින් කියන්නේ නිකම්ද?

:       1       7

Chathuri Saturday, 08 November 2025 04:01 PM

ලෝකවටේ ගියේ කට්ටිය පිරිවරාගන. ගෝබ්බයෝ පාලනය කරන කොට. ඒ සෙල්ලම් දැන් බෑ මල්ලි. මේ යන විදියට දේශපාලනය එපා වෙනවා නේද? අතින් දීලා තමයි යන්න වෙන්නේ. ඒත් වැඩක් නැහැ. මාලිමාවට පුලුවන් රට කරගන යන්න. ලාමක ටින් ටින්ට තියෙන්නේ ලොකු මේනියාවක්... නායකකම අර්න් තියෙන්නේ ජනාදිපති විදියට.... නාමල් බේබි වගේ...

:       0       0

සාම Saturday, 08 November 2025 04:53 PM

මේ දඹදිව වන්දනාවක් නෙවේද?

:       0       0

සංකා Saturday, 08 November 2025 05:19 PM

ඔය සජිත්ට දැන් සජබේ විපක්ශනායකකම හර්ෂට දීලා ගෙදර ගියා නම් ඉවරයි. මොකද සජිත් දැන් ඡන්ද පැරදිලා පැරදිලා කුජීත වෙලා ඉන්නේ. හර්ෂ නම් හොඳට කරගෙන යයි. මාලිමාවත් එක්ක සජිත්ට හැරෙන්න බැහැ.

:       0       0

සඳමාලි Saturday, 08 November 2025 06:16 PM

රටේම ජනතාවත් එතුමා සමග කෝපයෙන් ඉන්න අවශ්‍ය විරෝධය මේ ආණ්ඩුවට එල්ල නොකිරීම ගැන. ආණ්ඩුව පාණ්ඩුව වෙලා ඒකාධිපති වියරුවෙන් ගමනක් යනවා. විපක්ෂ නායක මහතා ආණ්ඩුවට හීලෑ වෙලා දියාරු විවේචන ඉදිරිපත් කරමින් රටට විහිලු සපයමින් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 363 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site