
ඉන්දියාවෙන් ආරම්භ වුණු ‘නීපා’ වයිරසය, මේ වනවිට බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘නීපා’ වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වයිරසයකි.
තද උණ, වමනය, ස්වසන ආසාදන මෙහි රෝග ලක්ෂණ වෙයි. වයිරසය ආසාදනය වී රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බව වෛද්‍යවරු කියති.
‘නීපා’ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1999 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකිනි. කෙසේ නසුත් 1999 වසරෙන් පසු මේවනතුරු මැලේසියාවෙන් ‘නීපා’ ආසාදිතයන් හමුවී නැත.
ඉන්දියාවේ ‘නීපා’ වයිරස ආසාදිතයන් වාර්තා වූයේ කේරළ ප්‍රාන්තයෙනි. මේ වනවිට කේරළයෙන් ආසාදිතයන් පස් දෙනකු හමුවී ඇත. වයිරස ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගෙන ඔවුන්ට ද වයිරසය ආසාදනය වී ඇතැයිදැයි සෙවීමට පරීක්ෂණ සිදු කරන බව කේරළ සෞඛ්‍ය බලධාරීහු පවසති.
මරණ දෙකක් වාර්තා වේ. ‘නීපා’ ඉතා වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වයිරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 30
113
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දියාවෙන් හිස එසවූ ‘නීපා’ තවත් රටවල්වලට පැතිරිලා
Bunny Preena Thursday, 21 September 2023 09:54 AM
මෙම රෝගයත් කොවිඩ් වගේ.සති කිහිපයකට අනෙකුත් අයගෙන් ඈත්ව නිරෝධායනය වියයුතු භයානක රෝගයක්ද ?
නිපා Sunday, 24 September 2023 07:07 PM
නිකන් බොරු නොකියා ඉන්න.