IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන ළඟ තබාගත්තැයි ඇල්ලූ ව්‍යාපාරිකයා නිදොස් කර නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

නීතීවිරෝධී ලෙස ඩීසල් තොගයක් ලඟ තබා ගන්නා ලදැයි කියමින් අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයකු නිදොස් කොට නිදහස් කළ මහර අතිරේක මහෙස්ත්‍රාත් ජනනී පෙරේරා මහත්මිය ව්‍යාපාරිකයා ලඟ තිබී අත්අඩංගුවට ගත් ඩීසල් තොගය යළි ඔහුට බාරදෙන ලෙස සපුගස්කන්ද පොලිසියට නියම කළාය.

ඩීසල් ළඟ තබා ගැනීම වරදක් බව ඛනිජ තෙල් පනතේ කිසිඳු සඳහනක් නොමැති හෙයින් තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට පොලිසියට හැකියාවක් නොමැති හෙයින් නඩු නොපවරවාම ඔහු නිදොස් කොට නිදහස් කර ඔහු ලඟ තිබී අත්අඩංගුවට ගත් ඩීසල් තොගය යළි ඔහු වෙත මුදා හරන්නැයි නීතීඥ ප්‍රදීප් ගමගේ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස කියම කළාය

මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ  මාකොළ නාලක එන්ටර්ප්‍රයිසස් ආයතනයේ හිමිකරු වන ව්‍යාපාරික නාලක හෙට්ටිආරච්චි මහතාය

ඩීසල් ලීටර් 385ක තොගයක් නීතීවිරෝධී ලෙස ලඟ තබා ගන්නා ලදැයි කියමින් සපුගස්කන්ද පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එම්.ඒ.එල්. ප්‍රමොද් ඇතුළු නිලධාරීන් විසින් නාලක හෙට්ටිආරච්චි මහතා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නීතීඥ විරේන්දා කනංකේ මහත්මිය සමඟ පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ගමගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් ඉන්ධන ලඟ තබාගැනීම වරදක් බව ඛනිජ තෙල් පනතේ කිසිඳු සඳහනක් නොමැති හෙයින් තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට පොලිසියට හැකියාවක් නොමැති බවට කරුනු ඉදිරිපත් කළේය

 



අදහස් (0)

ඉන්ධන ළඟ තබාගත්තැයි ඇල්ලූ ව්‍යාපාරිකයා නිදොස් කර නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 206 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 705 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site