(යොහාන් භාසුර)
වර්තමාන තත්වය අනුව කිව්.ආර්. කේතයට ඉන්ධන තොගය සම්පූර්ණයෙන් නිකුත් කළ නොහැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලිඛිතව දැනුම්දී තිබේ.
ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ඇතුළු රාජ්‍ය වාහනවලට සහ රාජ්‍ය සේවකයන්ගේ වාහනවලට, සුළු පරිමාණ ව්‍යාපාර සහ කුඩා ජෙනරේටර්වලට, එදිනදා ජීවනෝපාය පවත්වාගෙන යන තණකොළ, ගස් සහ දර කැපීමට පාවිච්චි කරන යන්ත්‍රවලට මෙතෙක් කිව්.ආර්. කේතය හදුන්වාදී නොතිබීම සහ හදිසි අවශ්‍යතා සඳහා සුළු ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීම යන කරුණු හේතුවෙන් කිව්.ආර්. කේතයට සියයට 100 ක්ම ඉන්ධන නිකුත් කළ නොහැකි බවත් අදාල සියලුම අංශවලට කිව්.ආර්. කේතය හදුන්වාදී ජනතාව දැනුවත් කරන්නේ නම් සංස්ථාව පවසන ආකාරයට ඉන්ධන බෙදාහැරිය හැකි බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.