(නිමල් ජයරත්න)
කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් වෙල්යායට මුසු වී ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි.
එම අනතුරකින් රියදුරු සහ රිය සහායක සුළු තුවාල ලබා ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
පෙට්ටල් ලීටර් 6600 ක් සහ ඩීසල් ලීටර් 6600 ක් මෙම ඉන්ධන බවුසරයේ තිබී ඇති අතර ඉන් විශාල ප්‍රමාණයක් වෙල්යායේ ජලයට මුසුවී ඇති බවද පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය පවසයි.
පැවති වර්ෂාපතනයත් සමඟ මෙම ඉන්ධන බහුසරය මාර්ගයෙන් ලිස්සා වෙල්යායට පෙරළී තිබේ.
ඉන්ධන බවුසරයෙන් හැලෙන ඩීසල් හා පෙට්‍රල් ප්‍රදේශවාසීන් ප්ලාස්ටික් බූලි වලට පුරවා ගැනීමට උත්සාහ ගත්තද මනම්පිටිය පොලිසිය වැලැක්වීමට කටයුතු කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
ජිල්බු Tuesday, 01 April 2025 10:51 PM
දැන් ඔතනින් තෙල් මතුවෙලා ලංකාවේ අනාගතය සරුවෙනවා.
RS Wednesday, 02 April 2025 09:59 AM
අපරාදේ , බූලි වලට පුරවා ගන්න එකෙන් වැල් යායට කාන්දු වෙන තෙල් ප්‍රමාණය අඩු වෙනවා නේ . තෙල් ප්‍රමාණය ආරක්ෂා කරන්න පුළුවන් නම් වැලක්වූවාට ප්‍රශ්නයක් නෑ.