IMG-LOGO

ඉන්ධන මිල පහළට

(යොහාන් භාසුර)

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 33 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19 කින් පහළ දැමූ බවත් එම සංස්ථාව කීය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 311 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 319 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183 ක් දක්වා පහළ ගිය බව ද එම සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තව දුරටත් නොවෙනස්ව පවතින බවත් ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 377 ක පවතින බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් නිවේදනය කළේය. 



අදහස් (4)

ඉන්ධන මිල පහළට

උකුස්සා Monday, 30 September 2024 11:17 PM

ඔහොම යමු ජයවේවා

:       0       0

gunasiri Tuesday, 01 October 2024 02:49 AM

කියපු ගණන්වලින් ඉන්දන මිල පහල දමන්න බැරි බව හැමදෙනාටම තේරෙන්නේ තමන්ට බලය ලබුනයින් පසුවයි . මේක කුහක කමට කියන කතාවක් නෙවෙයි. මේක තමයි යථාර්තය ඒ බව මහජනතාවත් තෙරුම්ගතයුතුයි .

:       0       0

ranjith Tuesday, 01 October 2024 05:58 AM

හොඳ දෙයක්. කරුණාකර බස් ගාස්තු ජනතාවට දැනෙන මට්ටමකට අඩු කරන්න...

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 01 October 2024 06:58 AM

මේ ප්‍රමාණය නම් රටේ අද පවතින ජීවන බර අනුව ප්‍රමාණවත් නැහැ. අඩුම තරමේ පොදු ප්‍රවාහන සේවයට හා කුලී ත්‍රිරෝද රථවලට ඉන්දන සහනයක් සැපයීමට කටයුතු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2075 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 644 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 726 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site