(ඉන්දිකා රාමනායක)
ඉන්ධන ටැංකි රථ හිමියන් වර්ජනයක් ක්‍රියාත්මක කර තිබියදී කොළොන්නාවේ සිට ගොඩකවෙල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයකට මුල්ලේරියාව ගල්වාන හන්දිය ප්‍රදේශයේදී පහර දී අලාභහානි සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්ධන ටැංකි රථ හිමිකරුවකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් ඉන්ධන ටැංකි රථ හිමිකරු වර්ජනයේ නිරත පුද්ගලයෙකු බවත් , වර්ජනය නොතකා ඉන්ධන ප්‍රවාහනය නිරත වීම සම්බන්ධයෙන් උරණව පිරිසක් යොදා ඊයේ (2) සවස මෙම ඉන්ධන බවුසරයට පහරදී අලාභානි සිදු කොට ඇති බව පොලීසිය පවසයි .
සැකකාර ඉන්ධන රථ හිමිකරු මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පදිංචි කරුවෙකු බවද පොලිසිය පවසයි.
අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා අද (3) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්ධන බවුසරයකට පහර දුන් ඉන්ධන ටැංකි හිමිකරුවෙක් ඇතුළු 3ක් අත්අඩංගුවට
සලිය Wednesday, 04 May 2022 01:12 PM
පොලිසිය උපරිම නීතිය යොදා දඬුවම් ලබාදිය යුතුවේ..!