IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්ධන බෙදුම්කරුවෝ සටනකට සූදානම් වෙති

(යොහාන් භාසුර)

ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස මෙම 4 වැනිදා සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කර ඇති බවත් එම තීරණයට විරුද්ධව සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැඩි පියවරක් ගන්නා බවත් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය.

සංස්ථාව විසින් මාසික පරිහරණ ගාස්තුව ලෙස සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් දැනටමත් වට්ටම් මුදලින් සියයට 0.25 ක් අයකරන බවත් සංස්ථාව මඟින් ඔවුන්ගේ සියලුම වියදම් හා ලාභ ප්‍රතිශතයක් එක් කර බෙදුම්කරුවන් වෙත දෙන ඉන්ධන, ඔවුන් ප්‍රකාශ කරන මුදලට විකුණා ලබන ඉතා කුඩා ලාභ ප්‍රතිශතයෙන් තවත් සියයට 2.75 ක කොටසක් ලබාගැනීමට උත්සාහ කිරීම හෙළා දකින බවත් එම සංගමය කීය.

 



අදහස් (6)

ඉන්ධන බෙදුම්කරුවෝ සටනකට සූදානම් වෙති

prase Saturday, 02 March 2024 10:13 PM

දැන් මොනවා කිව්වත් වැඩක් නෑ. කාංචන ගේම ගහලා ඉවරයි. හොරු ගෙදර පෙට්‍රෝලියම් එක පුද්ගලීකරණය වෙලා.. ජනතාවගේ සුබපැතුම් ආණ්ඩුවට..

:       0       0

de silva Sunday, 03 March 2024 01:31 AM

මොන කරදරයක්ද? එක එක කාලෙට එකඑක ප්‍රශ්න, රජය මගින් කරන ගමන් බලපත්‍ර, හැඳුනුම් පත්, රියදුරු බලපත්, ශ්‍රීලන්කන් ගුවන් සේවය, ඛනිජතෙල්, වැනි කිසිම ආයතනයකින් හැම සේවාවකටම විශාල මුදලක් අය කළත්, කොපමණ සේවකයන් සිටියත්, ජනතාවට නිසි සේවයක් සැලසෙන්නේ නැහැ. ජනතාවට හරි කරදරයක්, මේවා හොර ගුහාවල්...

:       0       0

Prabha Sunday, 03 March 2024 02:46 AM

ඔය එන්නේ පෙට්‍රෝලියම් එක වහලා දාන්න. වැහුවායින් පස්සේ බලාගන්න පුළුවන් අනිත් කම්පැණිවල කෙරුවාව...

:       0       0

sisil Sunday, 03 March 2024 04:10 AM

සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැඩි පියවරක් ගැනීමට සූදානම් නම් පුද්ගලික අංශයේ ඉන්ධන බෙදුම්කරුවන් යොදා සංස්ථාවේ වාහන යොදවා බෙදාහැරීම කලහැකිය.

:       0       0

ජිනසේන Sunday, 03 March 2024 06:09 AM

ඒවාත් කාටහරි විකුණා කීයක් හරි අතමිට මොලවා ගැනීමට අදහසක් තියෙන්න පුළුවන් කියලා හිතෙනවා..

:       0       0

Lalla Sunday, 03 March 2024 10:45 AM

සංස්ථාව ඉවරයි... ආයිත් ඔය ප්‍රශ්න එන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site