(යොහාන් භාසුර)
ඉන්ධන හිඟයක් අද (3) දිනයේ රටපුරා පැවතීම නිසා ජනතාව ඉන්ධන ලබාගැනීමට දිගු පෝලිම්වල රැදී සිටිය ආකාරය දැකගත හැකිවිය.
බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොතිබුණු අතර පෙට්‍රල් ලබාගැනීමට ද ජනතාවට දිගු පෝලිම්වල රැදී සිටීමට සිදුවූහ. ඇතැම් ප්‍රදේශවල පෙට්‍රල් පෝලිම් කිලෝමීටර ගණනින් දිගු වී තිබූ ආකාරය ද දැකගත හැකිවිය.
ඇතැම් ප්‍රදේශවල ජනතාව පැය හතර, පහ පෝලිමේ රැදී සිටීමෙන් පසුව ඉන්ධන තොග අවසන් යැයි පවසා හරවා යවා ඇති අතර මෙම තත්වයෙන් ජනතාව තව දුරටත් පහසුතාවට පත්වූහ.
බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ඩීසල් හිඟයක් නොමැති බවත් දින තුනකට ආසන්න කාලයක් ඉන්ධන ප්‍රවාහන නොකිරීමෙන් පිරවුම්හල් වසා තැබීමෙන් ජනතාව විශාල ප්‍රමාණයක් එකවර ඉන්ධන ලබාගැනීමට පැමිණීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත්ය.
වැඩවර්ජනයේ යෙදී සිටි පෞද්ගලික ඉන්ධන බවුසර් රථ ද ඊයේ පෙරවරුවේ සිට සාමාන්‍ය පරිදි ඉන්ධන ප්‍රවාහනයට එකතු වූ බවත් අඛණ්ඩව ඉන්ධන සැපයුම ක්‍රියාත්මක බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්ධන ගන්න ජනතාව පැයගණන් දහදුකේ
රටවැසියා Tuesday, 03 May 2022 06:38 PM
රට හමුදාවට බාර දෙන්න සුදුසුම කාලය ඇවිල්ලා... අවුරුද්දක් හමුදාවට රට පාලනය කරන්න ඉඩ දුන්නාම ඡන්දයකට සුදුසු වාතාවරණයක් රටේ ඉබේටම ගොඩනැගෙයි..! විදෙස් සංචාරකයින් කෙලින්ම කියනවා යාමට නුසුදුසු රටක තත්වයක් ලංකාවේ ඇතිවෙලා කියලා...!