IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්ධන ඇති තරම් තියෙනවා

(අංජුල මහික වීරරත්න)

ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන්  ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ පිළිබඳ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග  තිබෙන බවද අමාත්‍යවරයා කීය.

එමෙන්ම ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත් ඉදිරියට අවශ්‍ය පරිදි ඉද්ධන තොග ඇණවුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 

 



අදහස් (3)

ඉන්ධන ඇති තරම් තියෙනවා

ගුණරත්න Wednesday, 18 June 2025 08:52 AM

මේ මහත්තයා කියන නිසාම තෙල් ගැන මට බරපතල සැකයක් තිබෙනවා. මොකද මුන්නහේ තමන්ට අදාළ අමාත්යාන්ශේ බෙහෙත් හිඟය නැති වෙන්නේ ලබන අවුරුද්දේ ඉඳන් කියුවා. තව මාස 6ක් තියෙනවා ලබන අවුරුද්ද වෙන්න. ඉතින් තමන්ට අදාළ නැති තෙල් වෙළෙඳාමක් ගැන මුන්නහේ කියන කතා විශ්වාස කල නොහැකියි

:       4       9

fairoos Wednesday, 18 June 2025 02:59 PM

කොහෙන්ද දන්නේ නෑ නැව එන්නේ? ඊශ්‍රායලය වලින්ද?

:       1       1

prasanna Sunday, 22 June 2025 06:34 PM

ඉන්ධන ගැන කතා කරන්න කළින් ඔය බෙහෙත් ටික ගෙනැල්ලා දීලා ඉන්නකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site