(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 62 කින් මිල ඉහළ දැමූ ලංකා සුපිරි ඩීසල් ලිටරයකින් ශත 61 ක ලාභයක් බලන බවත් ආණ්ඩුව සුපිරි ඩීසල් ලිටරයකට රුපියල් 103.64 ක බද්දක් අය කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 01 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 39 ක ද, ඩීසල් ලීටරයකින් ශත 51 ක් ද, භූමිතෙල් ලීටරයකින් ශත 15 ක් ද, ලාභයක් උපයන බවත් ආණ්ඩුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 104.02 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 126.71 ක ද, ඩීසල් ලීටරයකට රුපියල් 80.15 ක් ද, භූමිතෙල් ලීටරයකට රුපියල් 3.02 ක් ද, බදු අය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ලංකා ඉන්දියන් ඔයිල් (අයි.ඕ.සී.) සහ සිනෝපැක් යන සමාගම් දෙකම පෙට්‍රල් සහ ඩීසල් කාණ්ඩ හතරෙන්ම පාඩු ලබන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධනවලින් ආණ්ඩුව ලාභ ලබයි
Sk Monday, 02 October 2023 02:12 PM
මොන ටොම් පචද දෙයියනේ..? IOC පාඩු ලබනවාලු... ඉන්දියන් කාරයෝ මොකෙන් හිනාවෙනවා ඇත්ද?
Bamunuarachchi Monday, 02 October 2023 06:43 PM
ඔබට ඕන පැත්තකින් හිනාවෙන්න. බොරුවක් රටට කියනවා නම් ඒක ජනතාව පිළිනොගන්නා බව තේරුම් ගැනීමට බැරි මෝඩයෙක් නොවෙයි කාංචන. කාංචන බොරු කියලා පච වෙනවාට වඩා ඔයටික නොකියා ඉන්න තිබුණා. කිව්වේ ගොබ්බයින්ට නොව හරියට හිතන මිනිස්සුන්ට යථා තත්වය තේරුම් ගැනීමට. රජය ලාභ ලැබීම හා බදු ගැනීම කියන්නේ දෙකක්...
Kazi Shajahan Monday, 02 October 2023 04:18 PM
ICC පාඩු ලබනවා. ඕක පොහොට්ටුවේ තණකොළ කන බයියන්ට විතරක් කියන්න...!
Nimal Tuesday, 03 October 2023 12:44 AM
ඇත්තටම පිස්සුද?
චන්දන Tuesday, 03 October 2023 08:06 AM
තාත්තා වගේම තමා. අනෙක තමුන්ගේ ආණ්ඩුවේම කෙනෙක් කිව්ව ආණ්ඩුව බිස්නස් කරන්නේ නැහැ කියලා. බදු කියන්නේ ආණ්ඩුව ලබන ශුද්ධ ආදායමක් නේද? මේ වගේ හෙන ගහන, බදු පනවන තමුන්ලා මේ වැස්ස දවස්වල ප්‍රෙව්ශමෙන් එළියට බහින්න. හෙන වදිනවා...!