ඉන්දු ශ‍්‍රී ලංකා සබඳතාවල 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නවදිල්ලි නූතන ජාතික කලාගාරයේ දී පවත්වන “Geoffrey Bawa; It is Essential To be There” ප‍්‍රදර්ශනය ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා මහතා ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
ඉන්දියාවේ විදේශ කටයුතු සහ සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය, මීනක්ෂි ලේඛී මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
නවදිල්ලි නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජෙෆ්රි බාවා භාරය සහ නවදිල්ලියේ ජාතික නූතන කලා ගැලරිය, එක්ව සංවිධානය කරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී අභාවප‍්‍රාප්ත ජෙෆ්රි බාවාගේ නිර්මාණ ඇතුළත් ඓතිහාසික ප‍්‍රදර්ශනය ඉන්දු-ලංකා රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවල හැත්තෑ පස්වන වසර නිමිත්තෙන් පවත්වන අතර එය පුරා මාස දෙකක් පැවැත්වෙනු ඇත.
ශ‍්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී, අන්තර් ජාතික කීර්තියට පත් ජෙෆ්රි බාවා ගේ දැක්ම ප‍්‍රචලිත කරන 2004 වසරෙන් පසු, ඔහු ගේ නිර්මාණ කෘති ජාත්‍යන්තරව ප‍්‍රදර්ශනය කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙයට කලින් ඔහුගේ නිර්මාණ එක්සත් රාජධානිය, උතුරු ඇමරිකාව, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, බ‍්‍රසීලය, සිංගප්පූරුව සහ ජර්මනිය යන රටවල ස්ථාන කිහිපයකදී ප‍්‍රදර්ශනය කර තිබුණි.
බාවා ලේඛනාගාරයේ ලිපි ලේඛන 120 කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනයේ දැකගත හැකි අතර, ඉදි නොකළ වැඩ පිළිබඳ කොටසක් සහ බාවාගේ චාරිකාවල ඡුායාරූප ද ප‍්‍රදර්ශනයට ඇතුළත් වේ. මෙම ප‍්‍රදර්ශනය නිර්මාණාත්මක අදහස්, චිත‍්‍ර, ගොඩනැගිලි සහ ස්වභාවික ස්ථාන අතර සම්බන්ධතා සහ බාවාගේ අනන්‍ය භාවිතයේදී රූප භාවිතා කළ විවිධ ආකාරයන් ගැඹුරින් ගවේෂණය කළ හැක.
විවෘත කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා සමග ඉන්දියාවේ පිහිටි තානාපති හා මහ කොමසාරිස් කාර්යාලවල රාජ්‍ය තාන්ත‍්‍රිකයින්, ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, කලා ලෝලීන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී වුහ.
ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, ජාතික නූතන කලා ගැලරියේ අධ්‍යක්ෂ, ටෙම්සුනාරෝ ත‍්‍රිපාටි සහ ජෙෆ්රි බාවා භාරයේ භාරකරු සංජය කුලතුංග මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක් වූහ.
ජෙෆ්රි බාවා ඉන්දියාවේ ප‍්‍රසිද්ධ ගොඩනැගිලි කිහිපයක් නිර්මාණය කර ඇත. ශ‍්‍රී ලංකා-ඉන්දියා සංස්කෘතික හුවමාරු වැඩසටහන යටතේ සංවිධානය කර ඇති මෙම ප‍්‍රදර්ශනය 2023 මැයි 07 දක්වා ප‍්‍රදර්ශනය කෙරේ.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්දු-ලංකා රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ප‍්‍රදර්ශනය