IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා සාකච්ඡාවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීම සඳහා සබඳතා ගොඩනගා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව තානාපති මට්ටමින් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව ත්‍රෛපාර්ශ්වික හමුවකදී සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීමේදී දකුණු ආසියාව ප්‍රධාන පාර්ශ්වකරුවෙකු බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟ සබඳතාවලට ජපානයට වැදගත් බවත් ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද අත්‍යාවශ්‍ය හවුල්කරුවන් බවත් ඉන්දියාවේ ජපාන තානාපති හිරෝෂි සුසුකි මහතා ඉන්දීය ,ශ්‍රී ලංකා සහ ජපාන ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවේ සමාරම්භක සැසිවාරය අමතමින් පැවසුවේය.

සියලුම ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ සහභාගීත්වයෙන් විනිවිද පෙනෙන සහ සාධාරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ශ්‍රී ලංකාව සිදු කිරීම ඉතා වැදගත් බවද සුසුකි මහතා එහිදී පෙන්වා දී ඇත.

එසේම ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් මූල්‍ය සහාය ප්‍රශංසනීය බවත් එම සහාය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උදව් වූ බවත් සුසුකි මහතා ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉන්දියාවේ සහාය විශාල ශක්තියක් වූ බවයි.

ඉන්දියාවේ සහ ජපානයේ පුද්ගලික අංශය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජනය කරමින් දායක වීමට මෙය සුදුසු කාලය බවද මොරොගොඩ මහතා පෙන්වා දී ඇත.

 



අදහස් (2)

ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා සාකච්ඡාවක්

lakitha Sunday, 13 August 2023 01:40 AM

පුටිනුයි, ෂි ජින්පිනුයි අරිනවා... ඇරිල්ලක් ලංකාවට වම දකුණ මාරු වෙන්න...

:       0       0

chandima Sunday, 13 August 2023 04:47 AM

අංක ගොඩදාගන්න ආධාර දුන්නා නෙවෙයිනේ..? පස්සේ ඉඩම බූදලේට ගන්නනේ දුන්නේ...? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site