IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දීය සමාගම් - කාංචන අතර විශේෂ සාකච්ඡාවක්

(යොහාන් භාසුර)

ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුබද්ධ පුනර්ජනනීය බලශක්ති සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ ඉන්දියානු දූත කණ්ඩායම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (11) පැවැත්විණි.  

ඉන්දියානු පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමය දෙරට අතර පුනර්ජනනීය බලශක්ති සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර ඇති අතර දූත පිරිස දින තුනක් මෙරට රැදී සිටිති.

මෙරට පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය, දැනට ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, ආයෝජන අවස්ථා, නීතිමය රාමුව, අක් වෙරළ බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය, හරිත හයිඩ්‍රජන් මාර්ග සිතියම සහ ඉන්දු ලංකා විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දූත පිරිස දැනුවත් කළ බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා කීය.  

ඒසීඑම්ඊ, රිනිව්, අදානි හරිත බලශක්ති , පීටීසී ඉන්දියා, ජැක්සන් සමාගම, වෙල්ස්පන් නිව් එනර්ජි, ස්ටලයිට් පවර්, ශක්ති පම්ප්ස් ලිමිටඩ් සහ සුල්සෝන් යන ඉන්දීය ප්‍රධාන සමාගම් නියෝජිතයන් සමග ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ. 



අදහස් (1)

ඉන්දීය සමාගම් - කාංචන අතර විශේෂ සාකච්ඡාවක්

Prabha Monday, 11 March 2024 07:45 PM

ආණ්ඩු පෙරළියක් වෙයි කියලා තියෙන ගිවිසුම් ඔක්කොම ඉක්මණට ගහගන්න වගේ යන්නේ...

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site