IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දියා රාජ්‍ය බැංකුවේ තවත් ශාඛාවක් ත්‍රි‘මලේ විවෘත වේ

(අමදෝරැ අමරජීව)

ලංකාවේ දෙදින නිල සංචාරක නිරත ඉන්දියානු මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය අද ත්‍රිකුණාමලයේ ස්ථාපිත ඉන්දියානු රාජ්‍ය බැංකුවේ ශ්‍රි ලංකාවේ පස්වන ශාඛාව විවෘත කිරිමට එක් විය.

ත්‍රිකුණාමලට පැමිණි ඉන්දියානු මුදල් ඇමැතිනිය නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා විසින් පිළිගනු ලැබු අතර බැංකුව විවෘත කිරිමට පෙර මුදල් ඇමැතිනිය කොණේස්වරන් කෝවිලේ විශේෂ දේව පුජාවකට ආණ්ඩුකාරවරයා සමග එක්වුහ .

බැංකුව විවෘත කරමින් ඉන්දියානු මුදල් ඇමැතිනිය මුල්ම ගණුදෙනු ආණ්ඩුකාරවරයා සමග සිදු කළාය. අනතුරුව මෙම පිරිස චිනවරායේ පිහිටි ලංකා ඉන්දියානු තෙල් සමාගමේ සංචාරයක නිරතවුහ.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බංග්ලේ,ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සභාපති දිනේෂ් කුමාර් කරා යන මහත්වරුන් එක්වුහ.

 



අදහස් (2)

ඉන්දියා රාජ්‍ය බැංකුවේ තවත් ශාඛාවක් ත්‍රි‘මලේ විවෘත වේ

Chandima Thursday, 02 November 2023 01:23 PM

ඒ ගොල්ලෝ ලංකාවේ බැංකු අරිනවා... දේපළ බලන්න යනවා. අපේ අය ඡන්ද නොතියා බලයේ ඉන්න පුළුවන් ක්‍රම සහ විධි කල්පනා කරකර ඉන්නවා. අපි දේපළ බලාගන්න හිටවපු පඹයා දිහා බලබල ඉන්නවා.

:       1       15

කිරිපුතා Thursday, 02 November 2023 01:49 PM

පිං රජා එක්ක මොනවද මේ රටට වෙන්නේ කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ... ලොකු ප්‍රශ්න ගොඩාක් මවලා තියලා යයි වගේ...!

:       3       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site