IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඉන්දීය මහ කොමසාරිස් රනිල් හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක්  කොළඹදී  සිදුවිය.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාරයාලය කරනු ලැබූ ඉල්ලීමකට අනුව එම හමුව සිදුවිය.  කොළඹ 7 පස්වන පටු මගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී මෙම හමුව සිදු ව තිබේ.

ලෝක දේශපාලනය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයන් සම්බන්ධයෙන්ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදු විය.

නේපාලයේ දැනට පවතින දේශපාලන අස්ථාවරත්වය සම්බන්ධයෙන් මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්ථාවරය ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර වූ සාකච්ඡාව පිළිබඳව ඉන්දීය මහා කොමසාරිස්වරයා විසින් නව දිල්ලියට වාර්තා කිරීමට නියමිත බවද දැන ගන්නට ඇත.

 



අදහස් (8)

ඉන්දීය මහ කොමසාරිස් රනිල් හමු වෙයි

Cham Sunday, 14 September 2025 02:49 PM

යමක් සිදුවීමට නියමිතයි.

:       6       32

පොඩිඑකා Sunday, 14 September 2025 04:57 PM

අනේ කවුරු හරි පිංවතෙක් මේ උංදෑ නේපාලේටවත් ගිහිං දානවද?

:       26       19

සරත් ගමගේ Sunday, 14 September 2025 05:23 PM

රුසියාව කීවා ලංකාවට දේශපාලන මැදිහත් වීම් කරන්න එපා පාඩුවේ ඉන්න දෙන්න කියලා ඕං..

:       5       15

ANTON PERERA Sunday, 14 September 2025 07:07 PM

කයියනායකලාට කෙළවිලා යන්න වගේ...

:       0       0

ගමේ එකාලා Sunday, 14 September 2025 07:54 PM

පහුගිය කාලේ මාරාන්තික ලෙඩ රෝග කන්දරාවක් තිබුනු රනිල්ට දැන් නම් ඉහෙන් බහින රෝගයක් නෑ වගේ?

:       8       16

පොඩිඑකා Sunday, 14 September 2025 08:53 PM

මේ වගේ අට අනූවක් රෝග එකට තියෙන එකෙක් ලෝකෙ කොහෙවත් නැතිලු. ඒ රටවල විද්‍යාඥයො ඉල්ලනවාලු මෙයාව වදුරෝ වෙනුවට පාවිච්චි කරන්න, බේත් ටෙස්ට් කරන්න...

:       0       0

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 15 September 2025 09:05 AM

හමුවේ අරමුණ ඉන්දියානු ආධාර යටතේ කෙහෙළිය සමාගම හරහා මෙයාට බෙහෙත් ටිකක් දෙන්න වෙන්න ඇති. වැල් පාලමෙන් එගොඩවෙන්න 2048 වෙනකල් ජිවත් වෙන්නත් එපැයි.

:       3       3

අරවින්ද මොණරවිල Monday, 15 September 2025 09:44 AM

දැන් කරන්න වෙන දෙයක් නැති නිසා, මහකොමසාරිස්වරුන් තනාතිපතිවරුන් හමුවෙලා රජයට බලපෑම් කරන්න උත්සාහ කරනවා ඇති නඩුව ඉවත් කර ගන්න හො සමතයකට පත්කර ගන්න. එහෙම කරලා මෙයා දැන් බොරුවට රටට කියනවා එයාගෙන් ජාත්‍යන්තර දේශපාලනය ගැන උපදෙස් ගන්න තානාපතිවරුන් හා මහා කොමසාරිස්වරුන් පෝලිමේ එනවා කියලා....

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site