
(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
තෙලඟනා ප්‍රාන්ත මන්ත්‍රී තිස් හත් හැවිරිදි ලස්යා නන්දිතා මහත්මිය ගමන් කරමින් සිටි එස්.යූ.වී රථය හයිද්‍රාබාද් නගරයේදී මාර්ගය වෙන් කිරීම සඳහා ඉදිකර ඇති බැම්මක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් අද(23) ජීවිතක්ෂයට පත් විය.
නන්දිතා මහත්මිය ගමන් කළ රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් රිය අනතුරු සිදුව ඇති බවත් මෙම අනතුරු පෙරවරු 5.30 ට පමණ සිදුව ඇති බවත් හයිද්‍රාබාද් පොලිසිය ප්‍රකාශ කළේය.රිය අනතුරු සිදුවූ ස්ථානයේදීම නන්දිතා මහත්මිය මිය ගොස් ඇති බවත් රියදුරු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර කරන බවත් පොලිසිය පැවැසුවේය.
භාරත් රාෂ්ට්‍ර සමිති දේශපාලන පක්ෂයේ නායිකාවද වූ ඇය මෙම මසදී මුහුණ දුන් දෙවැනි රිය අනතුර මෙය විය.මීට 10 දිනකට පෙරද ඇය රිය අනතුරකට මුහුණ දුන් අතර එහිදී ඇය සුළු තුවාල ලැබුවාය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මරුට
Rawana Friday, 23 February 2024 04:12 PM
ලෝකයේම දේශපාලකයින්ට රිය අනතුරු බහුල කාලයක්, නිවන් සුව අත්වේවා...!