
(යොහාන් භාසුර)
ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඇතුළු ආයෝජක දූත කණ්ඩායමක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍යාංශයේදී හමුවූහ.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කළහැකි නව මංපෙත් සෙවීමේ අරමුණින් මෙම හමුව පැවති අතර විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පවතින හා අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව දෙරට අතර තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කළ හැකි නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම, හරිත බලශක්ති, විකල්ප ඉන්ධන ප්‍රභවයන්, නවීණ තාක්ෂණ හා පරිසර හිතකාමී ව්‍යාපෘති ආදී ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව එහිදී යෝජනා ඉදිරිපත් විය.
මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ සීඅයිඅයිහි හිටපු සභාපති, අයිසීටී සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර සන්ජීව් පුරි මහතා, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිපාක් දාස් මහතා, හයිකොන් ඉන්දියා සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝ ජෝර්ජ් මහතා ඇතුළු බලශක්ති හා හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ පිරිසක් එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2245
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1678
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය බලශක්ති ප්‍රබලයෝ ආයෝජන සොයා එති
මාලිමාපෙන්දා Tuesday, 01 July 2025 07:59 PM
බංගලාදේශයට සිද්ධවුණු දේ ගැන ඇතුමුන් දන්නේ නැතිව ඇති. මේං ආයෝජකයෝ ආවා කියලා සරම් උස්සාගෙන නටන්න ලෑස්තිවෙන මං වගේ අධික මාලිමා ගැත්තන්ට කිව්වේ. මේවා අනාගත ප්‍රශ්න...
පොඩිඑකා Tuesday, 01 July 2025 08:48 PM
කෝ බොලේ අධෝමුඛ යෝගා?
චන්දිම Wednesday, 02 July 2025 03:27 PM
බලශක්තිය සහ කෘෂි කර්මාන්තය කියන දෙක විදේශිකයින් අතට ගියොත් රට උන්ට යටත් වුණා හා සමානයි.අපේ දුප්පත්කම ප්‍රයෝජනයට ගන්නට බූවල්ලෙකුට ඉඩ දෙන්නට එපා.