IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දීය තරුව ජනපති සමඟ සෙල්ෆි ගහයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන් දියණිය පවුලේ සාමාජිකයන් සමග යාපනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමඟ සාකච්ඡාවක් අතරතුර දී මෙම හමුව සිදු විය.

14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.

කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ඇය වෙත සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත දිවිය ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

කිල්මීෂා උදයශීලන් දියණිය මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ගීතයක් ද ගායනා කරනු කළේය .ජනාධිපතිවරයා උදයශීලන් දියණිය සමඟ සෙල්ෆි ඡායාරූපයකටද පෙනී සිටියේය.



අදහස් (7)

ඉන්දීය තරුව ජනපති සමඟ සෙල්ෆි ගහයි

Kazi Shajahan Friday, 05 January 2024 03:02 PM

දුව, ඔයාලාගේ අනාගතය නැතිකරපු මිනිස්සු එක්ක සෙල්ෆි ගහන්න තියාගන්න එපා... වැඩක් නැහැ. වටිනාකමක් නැහැ.

:       29       56

Rawana Friday, 05 January 2024 03:36 PM

Kazi shajahan මහතා - කිල්මිෂාට අනාගතයක් නෑ කියලා තමුන් කොහොමද කියන්නේ...?

:       29       23

Dasa PFriday, 05 January 2024 07:44 PM

ඔයාලාගේ සහ ඔයාගේ වෙනස දන්නවද ? Kazi shajahan මහතා කතා කරන්න ඇත්තේ ඔයවයසේ අනික් දරුවෝ ගැන .අනිවාර්යයෙන් කිල්මිෂා ට අනාගතයක් තියනවා . ඒක ඒ දරුවාගේ දක්ෂකම නිසා මිස ඔය දේශපාලුවෝ කරපු කෙන් ගෙඩියක් නිසා නෙමේ .රනිල් වික්‍රමසිංහ ඉන්නේ හරියට කිල්මිෂා ගේ සංගීත මාස්ටර් වගේ

:       0       0

බද්රානි Friday, 05 January 2024 04:05 PM

දුවේ, මෙහෙ එවුන් එක්ක සෙල්ෆි ගගහා ඉඳලා තේරුමක් නැහැ... තමන්ගේ උත්සාහයෙන් ජයග්‍රහණය කල ඒ දරුවාව ආයේ අමුතුවෙන් මොනවා කරන්නද..? ලංකාවේ සිංහල දේශපාලකයින්ගේ ගොදුරක් නොවී, හැකි ඉක්මනින් ඉන්දියාවට ගොස් අනාගතය ගොඩනගා ගන්න දුවේ... මෙහේ ඉන්නවා නම් ඉතින් "අමුක ඩුමුක" නට නටා ඉන්න වෙයි...

:       18       42

මියැසිFriday, 05 January 2024 07:01 PM

භද්‍රානි වගේ වයිරයෙන් කැකෑරි කැකෑරී ඉන්න ජේශ්ට පුරවැසි වියේ අය යොවුන් වියේ දරුවන්ට ඔවදන් නොදී ඉන්නවා නම් වඩා යෝග්‍යයි. තමන්ගේ මව් රටේ නොඉඳ අල්ලපු රටට යන්න කියන්න තරම් පහත් මට්ටමකට නම් අසාමාන්‍ය කුහකකමක් තියෙන්න ඕනෑ...

:       0       0

m.u.b hussain Friday, 05 January 2024 08:22 PM

දුව, ඔයාලාගේ අනාගතය නැතිකරපු මිනිස්සු එක්ක සෙල්ෆි ගහන්න තියාගන්න එපා... වැඩක් නැහැ. වටිනාකමක් නැහැ.

:       0       0

Rata Perata Friday, 05 January 2024 09:42 PM

හොඳ වෙලාවට සාගල ළඟ හිටියේ නැත්තේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site