IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගමන් මඟ ඡායාරූප ප්‍රදර්ශනය ඇරඹේ

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගමන් මඟඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (26) ආරම්භ විය.

කොළඹ 07, ආර්.ජී. සේනානායක මාවතේ පිහිටි ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කර වසර 70ක් සැපිරීම නිමිත්තෙන් සැමරුම් මාලාවක් සංවිධානය කර තිබෙන අතර එහි සමාරම්භක උත්සවය මෙම ඡායාරූප ප්‍රදර්ශනයෙන් ආරම්භ විය.

ඉන්දීය ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව සකස් කිරීමේ ක්‍රියාවලිය, නිදහස් ඉන්දියාවේ ප්‍රථම අධිකරණ අමාත්‍ය සහ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධානතම නිර්මාතෘවරයා ලෙස සැලකෙන ආචාර්ය බී.ආර්. අම්බෙඞ්කාර් සහ පළමු ව්‍යවස්ථාදායක සභා රැස්වීම ආදී දුර්ලභ ඡායාරූප රැසක් මෙම ප්‍රදර්ශනයට එක් කර තිබේ.

නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ්, ජාත්‍යන්තර අධ්‍යයන සඳහා බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ ගුරුවරුන් සහ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් ද සමාරම්භක අවස්ථාවට එක්වූහ.
තෙදිනක් මුළුල්ලේ මහජනතාවට විවෘතව පැවැති මෙම ඡායාරූප ප්‍රදර්ශනය අනිද්දායින් (28) අවසන් වේ.    

055

 



අදහස් (2)

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගමන් මඟ ඡායාරූප ප්‍රදර්ශනය ඇරඹේ

Binkunndaa Tuesday, 26 November 2019 07:21 PM

ඉන්දියාවේ තියෙන්නේ ඉතින් ව්‍යාප්ත වාදයනේ, එයාලාගේ මොන ආණ්ඩුව ආවත් එකම ප්‍රතිපත්තිය.

:       2       4

sharm warn Wednesday, 27 November 2019 04:22 AM

මොන ආණ්ඩුව ආවත් රට ට අහිතකර විදියට ප්‍රතිපත්ති වෙනස් නොකරන නිසා තමයි ඉන්දියාව අද ඇමරිකාවත් එක්ක වුනත් හැප්පෙන්න පුළුවන් තරමට ඉස්සරහට ඇවිත් තියෙන්නේ... අපේ දියවන්නාවේ ඉන්න අයටත් මේක ගිහිල්ලා අධ්‍යයනය කරන්න අනිවාර්ය කරනවා නම් හොදයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site