IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දීය අධ්‍යාපන පාඨමාලාවලට අයදුම්පත් කැඳවයි

(යොහාන් භාසුර)

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ස්වයං මූල්‍ය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන 2023-24 අධ්‍යයන වර්ෂයේ අධ්‍යාපන පාඨමාලා සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැඳවයි.

සම්පුර්ණ කළ අයදුම්පත්‍ර සියලුම සෙසු ලියවිලි සමඟ ලබන ජූනි මස 16 වැනිදාට පෙර යොමුකළ යුතුය.

ඒ අනුව එම්.බී.බී.එස්., බී.ඩී.එස්., බී.ඊ., බී ටෙච්, බී පාර්ම්, බී අර්ච්, තාක්‍ෂණ ඩිප්ලෝමා සහ පාමසි පාඨමාලාවේ උපාධි යන පාඨමාලා සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකියන්ගෙන් අයදුම්පත් කැඳවන බවත් එම පාඨමාලා සඳහා අයදුම් කිරීමට කැමති අපේක්ෂකයින් එන්.ඊ.ඊ.ටී. විභාගයේ සහ උසස් පෙළ සඳහා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයයන් සඳහා සියයට 50 බැගින් ප්‍රතිඵල තිබිය යුතු බවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි.

‘බී ටෙච්’ ඉන්ජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවේ අයදුම්කරුවන් සඳහා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ගණිතය සඳහා අවම වශයෙන් සියයට 60 බැගින් සහ උසස් පෙළ සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් සියයට 50 ක් ප්‍රතිඵල අවශ්‍ය බවත් ‘බී පාමසි’ ඩිප්ලෝමාව සඳහා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයන් සඳහා අවම වශයෙන් සියටය 60 බැගින් ද, උසස් පෙළ ඉංග්‍රීසි භාෂාවෙන් සියයට 50 ක් ප්‍රතිඵල අවශ්‍ය බවත් එම කාර්යාලය කියයි.

‘බී අර්ච්’ අපේක්ෂකයින් නව දිල්ලියේ වාස්තු විද්‍යා කවුන්සිලය නියම කරන යෝග්‍යතා පරීක්ෂණය අනිවාර්යයෙන් සමත් විය යුතු බව ද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියයි.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට පස්වරු 2.00 සිට 4.00 අතර වැඩකරන දිනවල කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශයෙන් අයදුම්පත් ලබාගත හැකි බවත් ඒ සඳහා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සහතික සහ උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතු බවත් එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (0)

ඉන්දීය අධ්‍යාපන පාඨමාලාවලට අයදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site