IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දියාව 8 වැනි වරට ආසියානු ක්‍රිකට් කිරුළ පලදී

(යොහාන් භාසුර) ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතා දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (17) සමත් වූහ. ඉන්දියාව ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ 8 වැනි අවස්ථාව මෙය වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 10 කින් ආසන්නතම ශූරයන් වූ සත්කාරක ශ්‍රී ලංකා පිල පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ. ඉන්දීය පිල ලකුණු 51 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 6.1 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කළේය. ඉන්දීය පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 15.2 කදී ලකුණු 50 කට සීමා කළහ. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයකදී දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ. කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් රැස්කරමින් ඉනිම ඉහළතම ලකුණු ලාභියා බවට පත්වූ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් නවයකට ඉලක්කම් දෙකේ සීමාවට ඒමට නොහැකිවීම කැපී පෙනුණි. දකුණතින් වේග පන්දු යවන මොහොමඩ් සිරාජ්, ශ්‍රී ලංකා ඉනිමේ විනාශකරු බවට පත්වෙමින් ලකුණු 21 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා පිල ඕවර 15.2 කද සියලු දෙනා දැවී 50 (කුසල් මෙන්ඩිස් 17, දුෂාන් හේමන්ත 13, මොහොමඩ් සිරාජ් 21/6, හර්ද්‍රික් පාණ්ඩියා 3/3) ඉන්දීය පිල ඕවර 6.1 කදී කිසිවකු නොදැවී 51 (ඉෂාන් ක්‍රිෂන් නොදැවී 23, ෂුබ්මන් ගිල් නොදැවී 27)



අදහස් (15)

ඉන්දියාව 8 වැනි වරට ආසියානු ක්‍රිකට් කිරුළ පලදී

Siri Sunday, 17 September 2023 06:29 PM

පේනවා නේද අර "උත්තම ආශීර්වාදය" නැති වුණු එකේ පාඩුව..?

:       1       3

janis Sunday, 17 September 2023 06:30 PM

අපේ කට්ටියට ජරාව දුන්නදැයි සැකයි...!

:       1       14

chithraniSunday, 17 September 2023 08:05 PM

ජරාව දෙන්න දෙයක් නැහැ. අපේ උන්ට හයිය නැහැ. නිකම් පාන්කඩ වගේ...

:       0       10

Anura Sunday, 17 September 2023 06:54 PM

සාමාන්‍යයි.

:       0       12

මැක්ස් Sunday, 17 September 2023 07:26 PM

මේ සියලු පරාජයන් තව අවුරුද්දකට පමණි. අනුර දිසානායක අපේ සහෝදර නායකතුමා ලබන ඡන්දයෙන් ජනපති වූ පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද ජය මාවතට අවතීර්ණ වනු ඇත...!

:       18       4

chandaniSunday, 17 September 2023 08:23 PM

එහෙම නොවෙන්නත් බැරි නැහැ. ක්‍රිකට් දේශපාලනයෙන් වෙන්කරලා, ක්‍රිකට් බෝඩ් එක වෙනස්කරලා, ටීම් එකේ ඉන්න පෙන්දෝ, ලෙඩ්ඩු එළවලාදාලා, ගම්වල සැඟවී සිටින දක්ෂයින් ගෙනැල්ලා හොඳ ටීම් දෙකක් හැදුවොත්...

:       3       16

චුටි පුතා Sunday, 17 September 2023 07:58 PM

මේ අසාර්ථක, ලැජ්ජාසහගත, නින්දිත මැච් එකේ ටිකට්ස් රුපියල් 40000ට විකිණිලා අවසන් වුණාලු. රටේ දුප්පත් මිනිහෙකුට බත් භාගයක් මිලදී ගන්න රුපියල් 300 නැති අවාසනාවන්ත යුගයක, රුපියල් 40 000ට ටිකට්ස් ගත්තු සල්ලිකාර මුදලාලිලා කවුද? ඔවුන්ගේ බැංකු ගිණුම්වල හෝ ගෙවල්වල හංගපු සල්ලි කොයිතරම් ඇතිද? ඕකුන්ගෙන් වැඩි ප්‍රමාණයක් " කුඩු "මුදලාලිලා හා සමාන නීති විරෝධී වැඩකරන, නීතියට වැලි ගසා පනින, නමුත් නීතිය හමුවට ඉදිරිපත් කලයුතු "සත්ව" කොට්ඨාශයක් නොවෙයිද?

:       2       15

chandrani Sunday, 17 September 2023 08:02 PM

අපේ එකාලා මැච් ෆික්ෂින් කළාද? එහෙම නැතිනම් අපේ අයට පණ නැහැ ...!!! ඒ වුණාට ඔවුන් ඉන්නේ අලි ඔළුවෙන්... එහෙම ඔවුන් මොන මගුලකටද ටීම් එකේ තියාගෙන ඉන්නේ. පයින් ගහලා එලවන්න ඕනෑ. ලංකාවට ක්‍රිකට් ඕනෑ නැහැ...

:       1       19

විජිත් Sunday, 17 September 2023 08:12 PM

මෝදිගේ උපන් දිනයට රනිල් වික්‍රමසිංහගෙන් තෑග්ගක් !!! මේවා තමයි ඩිප්ලෝමැටික් මැච් ෆික්ෂින්ග් කියන්නේ... මේ වගේ වැඩක් නාකි මයිනත් වරක් කළා. දැන් ඉතින් කොන්ද නවාගෙන, කලිසම උස්ස උස්සා ආයෙත් ඉන්දියාවේ හිඟමනේ යයි.

:       0       2

chinthana Sunday, 17 September 2023 08:15 PM

රෑට බීලා බීලා, සූස්තිය ඇදලා, ගෑනු එක්ක නිදියලා, පසුවෙනිදාට මොන ක්‍රිකට්ද? ඔය ඔක්කෝම ටීම් එකෙන්ම එළවලා දාන්න වටිනවා. අපේ ගමේ ටීම් එක ගැහුවා නම් 100ක් වත් ගහනවා...

:       0       5

banda Sunday, 17 September 2023 08:17 PM

ඉන්දියන් කාරයෝ දැක්කාම අපේ අයට මළමුත්‍රා ගියාලු කලිසම්වල...

:       0       3

samare Sunday, 17 September 2023 08:27 PM

ටිකට් එකක් 40 000 ලු, මේ ජරාව බලනවාට වඩා දුප්පත් මිනිස්සුන්ට කෑම පාර්සල් කියක් අරන් දෙන්න පුලුවන්ද .

:       0       1

gamini- uk Sunday, 17 September 2023 08:30 PM

අපේ ටීම් එකේ උන්ට හරක් ප**න් තලන්න ඕනා.

:       0       1

K Perera Sunday, 17 September 2023 10:54 PM

ශ්‍රී ලංකාව මීළඟට එන ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් විය යුතුයි. එහෙම කරන්න බැරිනම් පාසල් ළමුන්ගෙන් කණ්ඩායමක් තෝරලා යවන්න. එයාලා මීට වඩා හොඳට ක්‍රීඩා කරාවි.

:       0       3

kavidhu Monday, 18 September 2023 01:46 PM

අන්තිමට ඒක තමයි හොඳටම කළේ... ළඟ එන ලෝක කුසලානයට තව හොඳට කරනවලු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site