
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහයේ දී ඉන්දියාව ලබාදුන් ක්‍රියාකාරී සහාය ඉතාමත් වැදගත් වූ බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පැවැසුවාය.
වොෂින්ටනයේ පැවති එක්සත් ජනපද සහ ඉන්දියානු ව්‍යාපාරික කවුන්සිල සමුළුවේදී යෙලන් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
පසුගිය මාස හයක කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ක්ෂේත්‍ර කිහිපයක ප්‍රගතියක් ලබා තිබෙන බවත් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අර්බුදය සාර්ව ආර්ථික වර්ධන වේගය සහ ස්ථාවරත්වය අවදානමට ලක් කරන බවත් යෙලන් මහත්මිය එහි දී පෙන්වා දී තිබේ.
ණය අර්බුදයට මුහුණ දී සිටින රටවලට අවශ්‍ය වේලාවට පුළුල් ණය සහන ලබාදීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇතත් ශ්‍රී ලංකාවේ ඇතිවූ හදිසි අවස්ථාවේදී සහාය වීමට අවශ්‍ය ක්‍රියා ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් යෙලන් මහත්මිය එහි දී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සහය වීම සඳහා ගත් ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ඉතා වැදගත් වූ බව යෙලන් මහත්මිය එහි දී පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ සහාය ඇමෙරිකාව පසසයි
prasanna Wednesday, 14 June 2023 02:25 PM
උබලත් සහයෝගයක් දීපල්ල, වෙන රටවල් පසසුම් කරන්නෙ නැතුව...කුනු හැත්ත