
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ ඉදිවෙමින් පවතින දුම්රිය පාලමක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දියාවේ මිසොරාම් ප්‍රන්තයේ අගනගරය වූ අයිසොල් සිට කිලෝ මීටර 12 ක් පමණ දුරින් මෙම සිදුවීම සිදු වී ඇත.
දුම්රිය පාලම කඩා අවස්ථාවේ 40 ක පමණ කම්කරුවන් පිරිසක් එහි සේවය කර තිබේ.මියගිය 17 දෙනා පාලමේ ඉදිකිරීම් කටයුතු වල නිරත වූ සේවකයන් බවත් සුන්බුන් වලට යටවූ සේවකයන් සිටී දැයි සොයා බැලීම සඳහා මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත.
අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ ළඟම ඥාතියාට ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ තුවාල ලැබූ පුද්ගලයන්ට ඉන්දීය රුපියල් 50000 ක මුදලක් ලබා දෙන බව එරට අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ පාලමක් කඩා වැටී 17ක් මරුට
මැක්ස් Thursday, 24 August 2023 08:55 AM
තුවාලලත් පුද්ගලයන්ට ඉක්මන් සුවය පතමු. මිය ගිය අයට මොක්සුව පතමු. ලංකාවේ ඔවැනි අවසනාවන්ත සිදුවිමක් උනි නම් අපේ කොමෙන්ටු බාස්ලා ආණ්ඩු පතුරැ ගසමින් දෙශපාලන ඇරියස් කවර් කරන්න උත්සාහ කරන හැටි බලන්න තිබුණා!