IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දියාවේ ජෙෆ්රි බාවා ප්‍රදර්ශනයේ හෙරිටන්ස් කණ්ඩලම හෝටලයට විශේෂ තැනක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක හෝටල් සමූහයක් වන එයිට්කන් ස්පෙන්ස්  සමූහයට අයත් හෙරිටන්ස් කණ්ඩලම (Heritance Kandalama) හෝටලයට ඉන්දියාවේ දිල්ලි නුවර ජාතික නූතන කලා ගැලරියෙහි ජෙෆ්රි බාවාගේ නිර්මාණ කලාව ආශ්‍රයෙන් පැවත්වෙන ගෘහ නිර්මාණ හා ඡායාරූපමය ප්‍රදර්ශනයේ වැදගත් තැනක් වෙන් කෙරී ඇත. මෙම ප්‍රදර්ශනය 'Geoffrey Bawa: It's Essential to Be There' යන තේමාව යටතේ පැවැත්වේ.

 දිල්ලි නුවර පැවැත්වෙන ප්‍රදර්ශනය වසර 75 ක ඉන්දු ශ්‍රී ලංකා අන්තර් සබඳතා සංවත්සරය වෙනුවෙන් පැවත්වෙන අතර මැයි 07 වැනි දින දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ජෙෆ්රි බාවා මහතාගේ නිර්මාණ හා සම්බන්ධ ලිපි 120 ක් ප්‍රදර්ශනය කෙරේ.  මේ කිසිවක් මීට පෙර මහජන ප්‍රදර්ශනයක් සඳහා විවෘත කර නොතිබීම විශේෂත්වයකි.     

මෙම ප්‍රදර්ශනය සඳහා එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය ප්‍රධාන අනුග්‍රාහකයෙක් වශයෙන් සහය දක්වන අතර ඒ අනුව එයිට්කන් ස්පෙන්ස් සමූහය විසින් අප්‍රේල් 07 වැනි දින ආරාධිත අමුත්තන් වෙනුවෙන් පමණක් විවෘත විශේෂ ඉසව්වක් සංවිධානය කර තිබුණි. එම ඉසව්ව සුවිශේෂී ඉන්දීය ඡායාරූප ශිල්පියෙක් වෙන දයානිටා සින්ග් සහ ශ්‍රී ලාංකීය ගෘහනිර්මාණ ශිල්පියෙක් සහ ජෙෆ්රි බාවා මහතාගේ ශිෂ්‍යයෙක් වන චන්න දාස්වත්ත මහතා අතර සංවාදයක් ඇසුරෙන් පැවත්වුණි. මේ දෙදෙනාම බාවා මහතාගේ නිර්මාණ සම්බන්ධයෙන් විශේෂ හැදෑරීමක් ඇති අය වන අතර ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණකරණය තුළ සුවිශේෂී ජෙෆ්රි බාවා සලකුණ පිළිබඳව ගැඹුරු සංවාදයක් ඔවුන් විසින් සිදු කළේය. දාස්වත්ත මහතා හෙරිටන්ස් කණ්ඩලම හෝටලය නිර්මාණය කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටු කර ඇති අතර ලෝකයේ පළමු LEED සහතිකකරණය ලත් එමෙන්ම Green Globe සහතිකකරණය ලත් ආසියාවේ පළමු හෝටලය වන හෙරිටන්ස් කණ්ඩලම හෝටලය නිර්මාණය කළ ආකාරය සම්බන්ධව වැදගත් නිර්මාණ කරුණු රැසක් ඔහු විසින් සාකච්ඡාවට ගනු ලැබීය.

“අපට සිටි විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියකු වන දේශමාන්‍ය ජෙෆ්රි බාවාගේ නිර්මාණ ලෝකයට ගෙන යාම සඳහා බාවා පදනම සමඟ කටයුතු කිරීමට ලැබීම අපට විශාල ගෞරවයක්. සොබාදහම සහ නූතන සුඛෝපබෝගීත්වය ඒකාබද්ධ කරමින් නිර්මාණය කරන ලද හෙරිටන්ස් කණ්ඩලම හෝටලය ඔහුගේ විශිෂ්ට නිර්මාණ අතර අතිවිශිෂ්ට නිර්මාණයක්. අපට ආවේණික සම්ප්‍රදායයන් සහ වටිනාකම් සංකේතීය වශයෙන් ආරක්ෂා කරගන්නා අතරම අලු‍ත් ආකාරයට හිතමින් ලෝකයේ වර්තමාන අවශ්‍යතා සහ අනාගත අවශ්‍යතාද සපුරාලමින් කටයුතු කිරීමට අපේ නව පරපුරේ ගෘහ නිර්මාණ ශිල්පීන්ට මේ ප්‍රදර්ශනයෙන් පෙළඹවීමක් ඇති වේවි කියලා අපි හිතනවා” යැයි එයිට්කන් ස්පෙන්ස් සමූහයේ අධ්‍යක්ෂ, සංචරණය සහ විශ්‍රාන්තිය අංශයේ ප්‍රධානී, එයිට්කන් ස්පෙන්ස් හෝටල් කළමනාකරණ අංශයේ සභාපතිනි ස්ටෂානි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රායෝගික තත්ත්වයන්ට යෝග්‍ය වන පරිදි සොබා සෞන්දර්ය සහ සංචාරකයින්ගේ රුචිය මනාව සම්මිශ්‍රණය කරන ජෙෆ්රි බාවා මහතාගේ නිර්මාණයකරණය අනුව යමින් නිර්මාණය කර ඇති හෙරිටන්ස් කණ්ඩලම හෝටලය එය පිහිටා ඇති බෑවුම තුළින් මතුවන තටු විදහාගත් කුරුල්ලෙක්ගේ අත්තටු ආකාරයට නිර්මාණය කර ඇත. හෝටලය කිලෝමීටර් 1 ක දිගකින් සහ මහල් 7 කින් සමන්විත නමුත් එය අලංකාරව සහ ස්වභාවික ආකාරයට කඳු බෑවුම සමඟ යා වී ඇත. තවද හෝටලයට ආවේණික පැතලි වහළ, දැවමය කුළුණු සහ හෝටලය පුරා විසිරී ඇති තුරුලතා මෙන්ම ජෙෆ්රි බාවා මහතාටම අනන්‍ය වූ නිර්මාණයක් වන අභ්‍යන්තරයට හිරු එළිය ගෙන එන පුළුල් විවෘත ජනේල වැනි සුවිශේෂී අංගයන් ගණනාවක් නිසා හෙරිටන්ස් කණ්ඩලම හෝටලය අතිවිශිෂ්ට ආකාරයට සොබා දහම හා සවිමත්ව බද්ධ වී තිබේ.

දිල්ලි නුවර පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළ වැදගත් තැනක් හෙරිටන්ස් කණ්ඩලම හෝටලයට හිමිවීම හරහා ජාත්‍යන්තර නිර්මාණ ශිල්පීන්, ශිෂ්‍යයන්, මාධ්‍යවේදීන් හා වැදගත් කලා රසිකයින් ඇතුළු විශාල පිරිසක් තුළ ශ්‍රී ලාංකීය ගෘහනිර්මාණ ශිල්පයේ සුවිශේෂී අනන්‍යතාව පිළිබඳව සාධනීය ප්‍රතිරූපයක් ගොඩනැංවීමට අවස්ථාව හිමි වී ඇත.

595

 



අදහස් (0)

ඉන්දියාවේ ජෙෆ්රි බාවා ප්‍රදර්ශනයේ හෙරිටන්ස් කණ්ඩලම හෝටලයට විශේෂ තැනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site