IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දියාවේ චන්ද්‍ර යානය අද සඳට ගොඩබානවා

(ලුසිත ජයමාන්න)

ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 Chandrayaan-3 මෙහෙයුම යටතේ, 'වික්‍රම්' නමැති රොබෝ ගවේෂණ යානය අද (23) සවස ඉන්දියාවේ වේලාවෙන් 6.04 ට සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතය.

යානය, කිසිදු ගැටලුවකින් තොරව, සඳට ගොඩබෑමට සියලු කටයුතු සූදානම් බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Indian Space Research Organisation (ISRO) ප්‍රධානී එස්. සෝමනාත් පවසා තිබේ.

මේ වනවිට සඳුගේ කක්ෂයේ ඇති වික්‍රම් යානය, සඳට ගොඩබැසීම ආරම්භ කර, පහළට යෑමට මිනිත්තු 20 ක් පමණ ගත වනු ඇතැයි ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Indian Space Research Organisation (ISRO) විද්‍යාඥයෝ පැහැදිලි කරති.

පසුගිය දින කීපය පුරා, යානය සඳ මතුපිට ඡායාරූප සහ සජීවී වීඩියෝ දසුන් පෘථිවියට ලැබෙන්න සැලැස්වීය. යානය ගොඩබෑමට සුදුසු තැනක් විද්‍යාඥයන් තෝරා ගත්තේ එම ඡායාරූප සහ වීඩියෝ දසුන් අනුවය.

චන්ද්‍රයාන් 3 වික්‍රම් යානය සඳට ගොඩබෑම සජීවීව නැරැඹීමට ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය කටයුතු සලස්වා ඇත. සජීවී විකාශය අද සවස 5.20 ට ආරම්භ වෙයි.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 'බ්‍රික්ස්' රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' යානය සඳට ගොඩබෑමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වීමට නියමිතය.

'චන්ද්‍රයාන් 3’ Chandrayaan-3 ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Indian Space Research Organisation (ISRO) විද්‍යාඥයන්ගේ නවමත සඳ ගවේෂණ මෙහෙයුමය.

‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය, පෘථිවියෙන් පිටත්ව සඳ බලා ගියේ පසුගිය ජූලි 14 වැනිදාය. ඉන්දියාව 'චන්ද්‍රයාන් 2’ මෙහෙයුම යටතේ ද වික්‍රම් නමැති රොබෝ යානයක් සඳට ගොඩබෑමට උත්සාහ කළ නමුත් එය සඳට කඩා වැටුණි.

පසුගිය ජූලි 14 වැනිදා ‘චන්ද්‍රයාන් 3’ පෘථිවි කක්ෂයට රැගෙන ගියේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Geosynchronous Satellite Launch Vehicle (GSLV) Mark-III රොකට්ටුවය.

‘චන්ද්‍රයාන් 3’ යානය අවශ්‍ය ප්‍රවේගය ලබා ගනිමින් සඳට ගිය අයුරු දැක්වෙන සිතුවමක්...

‘චන්ද්‍රයාන් 3’ පළමුවෙන් පෘථිවි කක්ෂයේ රැඳෙමින්, පෘථිවිය වටා ගමන් කිරීම ඇරැඹුවේය. ඒ යානයේ ඇන්ජින් විටින් විට පණ ගන්වමින්, වේගය වැඩි කර ගනිමිනි.

පෘථිවියේ ගුරුත්ව බලය යොදා ගනිමින්, කැරැකෙමින්, ඉලිප්සාකාර ගමන් මාර්ගයක යමින් ‘චන්ද්‍රයාන් 3’ අවශ්‍ය ප්‍රවේගය ලබා ගත්තේය. ඉන්පසු එය සඳ බලා ගමන් ඇරැඹුවේය. දින 40 කට පසු යානය, අගෝස්තු 5 වැනිදා සඳුගේ කක්ෂයට පිවිසියේය.

‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය මවු යානයක් වැනිය. 'වික්‍රම්' යනු  ගොඩබෑමේ යානයයි. අද (23) සවස සඳට ගොඩාන්නේ මෙයයි. ‘වික්‍රම්’ යානය තුළ කුඩා රෝවර් යානයක් ද වෙයි. මෙය 'ප්‍රාග්යාන්' යනුවෙන් නම් කර තිබේ.



අදහස් (2)

ඉන්දියාවේ චන්ද්‍ර යානය අද සඳට ගොඩබානවා

Bunny Preena Wednesday, 23 August 2023 10:04 AM

සතුටුවිය හැකි කරුනක්. ආසියාවෙ ඉතා සීග්‍රයෙන් දියුනුවෙන රටක්. අපිට ඉතින් තියෙන්නෙ මෙව දිහා බල බලා හෝල්ල හෝල්ල ඉන්න විතරයි. සමහරක් මොඩයො ඉරිසියාවට කියයි මොනවා උනත් ඉන්දියා උන්ට කන්ට නැහැයි කියලා. එහෙම අයට මම කියන්ට කැමති ලංකාවෙත් ඔනෙතරම් මිනිස්සු ඉන්නව කන්ට නැතිව.

:       1       12

Mohan Mangala Wednesday, 23 August 2023 01:48 PM

උත්සාහවන්ත ජාතියක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site