IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දියාවේ ඉස්සූ ලූනු පාකිස්තානය බස්සයි

(කාංචන කුමාර ආරියදාස)

ඉන්දියාවෙන් ලොකු ලුණු මෙරටට ආනයනය තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ලූනු තොග එවීම හේතුවෙන් රුපියල් 600 ට ඉහළ ගිය ලොකු ලුණු කිලෝව අද වන විට රුපියල් 300 ත් 350 ත් අතර පහත වැටී ඇතැයි ලොකු ලූනු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති.

පසුගිය කාලයේ ඉන්දියාවෙන් වෙනත් රටවලට තම නිෂ්පාදන යැවීම තහනම් කොට ඇති බව මාධ්‍ය වාර්තා පළවිය, ඒ සමගම ගෙනැවිත් තිබූ ලොකු ලුණු තොග කිලෝව රුපියල් පන්සීයක් හයසියයත් අතර ඉහළ මිලයකට වෙළෙන්දන් ඉතා කූට ආකාරයෙන්ම අලවී කිරීමේ ජාවාරමක නිරත විය.

මෙම ජාවාරම පිළිබඳව දිගින් දිගට ම ජනමාධ්‍ය මගින් පෙන්වාදීමත් සමඟ ලොකු ලුණු තොග අලෙවි කර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඒවා කුණු වී නරක් වී විනාශ කරන්නටද සිදුවීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මේ වන විට පාකිස්ථානය තුර්කිය ඉරානය ඇතුළු රටවල් කීපයක විශාල වශයෙන් ලොකු ලූනු තොග මෙරටට ගෙන්වා තිබේ.

ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග අලෙවි කරන ව්‍යාපාරිකයන් කියා සිටියේ පාකිස්ථානය ලංකාවේ ඉහළ ගිය ලොකු ලූනු මිල පහත දැමූ බවය .

වෙළඳ සල්වල පාකිස්තානයෙන් සහ තුර්කියෙන් ඉරානයෙන් ගෙන්වා ඇති ලොකු ලුණු කිලෝව රුපියල් 300ක් 350ක් අතර මිලකට අලෙවි කරන අතර ඇතැම් වෙළෙන්දෝ එම ලුනුම රු 400 කට විකිනීමට උත්සහ දරමින් සිටිති.

 



අදහස් (2)

ඉන්දියාවේ ඉස්සූ ලූනු පාකිස්තානය බස්සයි

ravin Sunday, 31 December 2023 11:34 AM

ගණන් පිළිබඳව පමණක් නොසිතා ළූණු වර්ගය ගැනත් අවධානය කළොත් තමයි හොඳ... දුඹුරු පැහැ ඇති ළූණු රසයෙන් සැර වැඩි අතර රතු/දම් පැහැ ළූණු රසයෙන් අඩුවේ... ලංකාවේ වැඩිපුර වවන්නේ දුඹුරු පාට ළූණු...

:       1       4

සුරනිමල Sunday, 31 December 2023 04:39 PM

ඔව්වා කන්න එපා... ඔව්වා වඳ ළූණු...!

:       9       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 57 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site