IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දියාවේ අපරාධකරුවෝ දෙදෙනෙක් ලංකාවේදී මාට්ටු

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ බුකීකරුවකු වන සෞරබ් චන්ද්‍රකාර් සහ රවී උත්පාල් නම් ඔහු ගේ සහායකයා ශ්‍රී ලංකාවේදී රැඳවුම් බාරයට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

සෞරබ් චන්ද්‍රකාර් ඉන්දියාවේ පාතාල නායකයකු වන ඩේවුඩ් ඉබ්‍රාහිම් ගේ උදව් ඇතුව අන්තර්ජාලයේ නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් තිබෙන බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ පැවැත්වූ නොයෙකුත් මැතිවරණ සඳහා මෙන්ම ක්‍රිකට් , බැඩ්මිටන් , පෝකර් සහ පාපන්දු වැනි ක්‍රීඩා තරඟ සඳහා ඔට්ටු ඇල්ලීම සඳහා මෙම වෙබ් අඩවිය නීත්‍යානුකූල නොවූ වේදිකාවක් සපයා ඇත.

ලැබෙන තොරතුරු නිවැරදි නම් ජාත්‍යන්තර පොලිසියේ ඉල්ලීමක් මත ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේදී රැඳවුම් බාරයට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.එසේම ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන් දෙදෙනාව ඉන්දියාවට පිටුවහල් කරනු ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.



අදහස් (1)

ඉන්දියාවේ අපරාධකරුවෝ දෙදෙනෙක් ලංකාවේදී මාට්ටු

Prabha Monday, 28 August 2023 03:18 PM

LPL වලට ආපු ගමන් වෙන්න ඇති...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site