ඉන්දියාවේ පූනේ සිට බැංගොලෝර් නගරය දක්වා දිව යන අධිවේගී මාර්ගයේ නවාලේ පාලම අසලදී දරුණු රිය අනතුරක් සිදු වීමෙන් වාහන 48 කට අලාභානි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
නවාලේ පාලම අසලදී තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් ට්‍රක් රථයක් පාලනය කරගත නොහැකිව වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
රිය අනතුර සිදුවීමෙන් පසුව ට්‍රක් රථයේ තෙල් කාන්දු වීමෙන් මාර්ගය ලිස්සනසුළු වීම හේතුවෙන් තවත් මෝටර් රථ අනතුරට ලක්ව තිබේ. රිය අනතුර හේතුවෙන් කිලෝ මීටර 2 කට වඩා අධික වාහන තදබදයක් ඇති වී ඇත.
10 ත් 15 ත් අතර පුද්ගලයන් සංඛ්‍යාවක් අනතුරෙන් සුළු තුවාල ලබා ඇති අතර ඔවුන්ට එම ස්ථානයේම ප්‍රථමාධාර දී ඇති අතර තවත් 8 දෙනෙක් පමණ ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට වලට රැගෙන ගිය බව ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක වාහන 48 එකට ගැටේ