IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ඉන්දියාවෙන් - පාකිස්තානයෙන් සිසුන් 215 ක් ගෙන්වා ගැනීමට යයි

(ටී.කේ.ජී.කපිල )

මෙම කොවිඩ් - 19 වසංගත රෝග සමයේ විදේශගතව සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ , පළමු සිසුන් කණ්ඩායම ලෙස සිසුන් 215 ක් පාකිස්තානයේ සහ ඉන්දියාවේ සිට ඉදිරි සතියේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය .

ඒ අනුව මුලින්ම සාර්ක් රටවල ඉගෙනුම ලැබීමට ගොස් සිටින සිසුන්ට පළමු අදියරේ අවස්ථාව ලබා දෙන බවද ෂෙහාන් සුමනසේකර මහතා සදහන් කළේය .

මුලින්ම මෙම , සිසුන් මව්බිමට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ 21 දින සිසුන් 115 ක් පකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව ද , ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය මත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් යොදා ගන්නා බවද  ගුවන් තොටුපළ සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් මහතා අනාවරණය කළේය .

ඉන්පසුව ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට එරටට ගොස් සිටින සිසුන් 105 ක් , ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට ද කටයුතු සූදානම් කරමින් පවතින බවද සුමනසේකර මහතා පැවසීය .

මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලබන සියලුම සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත  අනිවාර්යයෙන්ම නීරෝධායන කටයුතු සදහා යොමු කරන බවද සීමාසහිත  ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය .



අදහස් (4)

ඉන්දියාවෙන් - පාකිස්තානයෙන් සිසුන් 215 ක් ගෙන්වා ගැනීමට යයි

de silva Sunday, 19 April 2020 06:25 AM

ඔය සිසුන්ට ඉස්සර වෙලා මැද පෙරදිග හිරවෙලා ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ව ගෙන්වා ගන්න. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු දරුපවුල් කාරයන්, ඔවුන් රට ගිහින් තිබෙන්නේ දරුපවුල් නඩත්තු කරන්න. ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති නිසා, ඔවුන්ට ප්‍රමුඛත්වය දීම රජයේ වගකීමක්... නමුත් මේ සිසුන්ගේ දෙමව්පියන් මුදල් හදල් තිබෙන දේශපාලන බලපුලුවන් කාරයින් වෙන්න ඕනේ..

:       0       0

Cham_AUS Sunday, 19 April 2020 08:59 AM

පවතින තත්වය එක්ක සමාජ සංසරණය කොහෙත්ම හොඳ නැහැනේ. ඉන්න තැනක ප්‍රවේසමෙන් ඉඳල රට ගොඩ ගියායින් පස්සේ කට්ටිය හෙමිහිට එන්න. අපිත් මේ ඉන්නේ ගෙවල් ඇතුලට වෙලා රස්සාව, කෑම බීම කිසිම දෙයක් හොයන්නේ නැතුව. අපිත් ආසයි අපේ රටට එන්න. ඒත් ඇවිත් ආයෙත් රට වට්ටන්න හොද නැහැනේ ලාංකිකයෝ විදියට. කරුණාකර සිතා බලන්න.

:       51       79

de silva Sunday, 19 April 2020 11:59 AM

ඔය සිසුන්ට ඉස්සෙල්ලා අපේ මැදපෙරදිග අතරමන්වෙලා ඉන්න ශ්‍රමිකයෝ ටික ගෙන්වා ගන්න ප්‍රමුඛත්වය දෙන්න. ඔවුන් බොහෝ දෙනෙක් දරු පවුල්කාරයෝ. විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා රක්ෂණ ගාස්තු ගෙවලා ගිය පුද්ගලයන්ව ගෙන්වා ගැනීම රජයේ වගකීමක්. මේ මාසේ අන්තිමේ ඉන්දියාවේ ලොක් ඩවුන් එක ඇරියම ඔවුන්ට සුපුරුදු පරිදි ඉගෙනීමේ කටයුතු කරගෙන යන්න පුලුවන්.

:       0       0

Aris Sunday, 19 April 2020 02:57 PM

ළමයි ටික ගෙන්වා ගන්න එක හොදයි. නැත්නම් මේ ළමයි බයටම සිතින් කොරෝනා තත්වයට පත් වෙන්න පුළුවන්. මින් ඉදිරියටවත් අපේ රටේ ළමයින්ට අපේ රටේ ඉගෙනගන්න අවස්ථාව සලසා දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 654 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site