IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දියාවෙන් දුන්න ණයෙන් වැඩගෙන ඇත්තේ ටිකයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය පහසුකම තවත් මාස කිහිපයකින් දීර්ඝ කර ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ණය පහසුකම එළඹෙන මාර්තු 17 වැනිදා කල් ඉකුත් වන අතර ශ්‍රී ලංකාව ඉන් භාවිත කර ඇත්තේ තුනෙන් දෙකක ප්‍රමාණයක් පමණි.ඉන් වැඩි ප්‍රමාණය ආහාර සහ ඖෂධ වෙනුවෙන් භාවිත කර තිබේ.ණය පහසුකම දීර්ඝ කර ගැනීමේ සාකච්ඡා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඉහළ යමින් සහ ආර්ථිකය දියණු වෙමින් පවතින මොහොතක ආරම්භ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයට ණය පහසුකම මාස 6 ත් 12 ත් අතර කාලයකින් දීර්ඝ කර ගැනීමට අවශ්‍ය වී ඇති බවත් ණය පහසුකමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව භාවිත කර නොමැති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ තවමත් දෙරට අතර එකඟත්වයක් ඇති වී නොමැති බවද සඳහන් වේ.

 



අදහස් (1)

ඉන්දියාවෙන් දුන්න ණයෙන් වැඩගෙන ඇත්තේ ටිකයි

Bamunuarachchi Thursday, 09 March 2023 06:03 AM

ඔය හදන්නේ වාහන ගෙන්වන්න අවස්ථාව ලබා ගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site