IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දියාවෙන් තවත් මූල්‍ය සහන නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න ප්‍රමාණයක සහායක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බවත් තවදුරටත් නව මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව සැලසුම් නොකරන බවත් රොයිටර් පුවත් සේවය වාර් තා කළේය.

ආනයන සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිව ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සහාය වූ රට ඉන්දියාව බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8 ක සහායක් මේ වන විට ලබා දී තිබෙන බවත් රටක් ලෙස සහාය තවදුරටත් නොකඩවා ලබාදීම කළ නොහැකි බවත් ඉන්දියානු රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය. 

දැන් සියල්ල රඳා පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මත බව එම ආරංචි මාර්ග පවසා තිබේ.

ඉන්දියාවේ මෙම තීරණය පුදුමයට කරුණක් නොවන බවත් මීට පෙර ඉන්දියාව මේ පිළිබඳ  "සංඥාවක්" ලබා දී තිබූ බවත් ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර් ග ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර් තා කළේය.



අදහස් (3)

ඉන්දියාවෙන් තවත් මූල්‍ය සහන නෑ

de silva Thursday, 15 September 2022 05:16 PM

චීන යුද්ද නැව් මේක අස්සේ දාගෙන පිස්සු නටනකොට ඉන්දියාව ණය දෙන්නේ නැහැ. දැන් අපට තිබෙන එකම පිළිසරණ දෙසැම්බර් මාසේ ආරම්භ වෙන සංචාරක වාරය. තෙල් ගෑස් ප්‍රශ්නෙ පිලිවෙක් කරගෙන, අනවශ්‍ය දේශපාලන අර්බුද හදාගන්නේ නැතිව ඉදිරි මාස හතර පහ හිටියොත් විශාල සහනයක් අර්ථික වශයෙන් ඇතිකරගන්න පුළුවන්. රනිල් ප්‍රමුඛ මේ හොර රංචුව ආණ්ඩු කරන තුරු විදේශ ශ්‍රමිකය මුදල් එවන්නේනැහැ. ආයෝජකයො එන්නෙත් නැහැ.

:       3       5

kamal Thursday, 15 September 2022 05:43 PM

කොටින්ම මේ අවුරුද්දේ මුල ඉඳලා අපිට ඉන්දියාවේ ණය නොතිබුණා නම්, අද අපිට කැඳත් නැහැ.

:       0       0

chandima Thursday, 15 September 2022 06:59 PM

මතු බලාපොරොත්තු ඇතිව සැලකුවට බලාපොරොත්තු වුණු විදියට ඔප්පුවට අත්සන් ගන්න බැරි වෙන්න ඇති.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site