
(විමුක්ති එස් රුද්‍රිගු)
උත්තරකාන්ද් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයකදී හෙලිකොප්ටර් යානයක් අද (15) පෙරවරු 5.30 ට පමණ කඩා වැටීමෙන් එහි ගමන්ගත් 7 දෙනකු මියගොස් ඇතැයි ඉන්දියානු බලධාරීහු ප්‍රකාශ කළහ.
ඉන්දියාවේ කේදර්නාත් ධාම් හින්දු කෝවිලේ සිට ගුප්තකාෂි දක්වා පියසාර කළ හෙලිකොප්ටරයක් මෙලෙස ගෞරි කුන්ද් වන්දනාමාන ප්‍රදේශයේ වනාන්තරයකට කඩා වැටී ඇත.
මෙම හෙලිකොප්ටර් යානය ආර්යන් ඒවියේෂන් සමාගමට අයත් එකක් යැයි පැවැසෙයි.
අනතුරින් හෙලිකොප්ටරයේ ගුවන් නියමුවාද මියගොස් ඇති බවත් ගුවන් යානය කඩා වැටීමත් සමග එහි ගින්නක් හටගෙන ඇති බවත් ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.
කෙදර්නාත් ප්‍රදේශයෙන් හෙලිකොප්ටර් යානය පෙරවරු 5.20 ට පමණ ගමන් ආරම්භ කර ඇති බවත් විනාඩි 10 ක පමණ කාලයක් ගතවෙත්ම යානය කඩාවැටී ඇති බවත් පැවැසෙයි.
ගුවන් නියමුවා හැර හෙලිකොප්ටරයේ ගමන් ගත් අනෙක් සයදෙනා වන්දනාකරුවන් බවත් ඒ අතර මාස 23 වයසැති බිළිඳියකට සිට ඇති බවත් ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.
හෙලිකොප්ටරය කඩා වැටීමත් සමග චාර් ධම් ප්‍රදේශයේ හෙලිකොප්ටර් සේවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවත් හෙලිකොප්ටර් යානය කඩාවැටීමට හේතුව එම ප්‍රදේශයේ පැවැති අයහපත් කාලගුණික තත්වය බව විශ්වාස කරන බවත් ඉන්දීය බලධාරීහු පැවැසූහ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේදී හෙලිකොප්ටරයකුත් කඩා වැටේ:7 ක් මරුට
රුවන් Sunday, 15 June 2025 07:37 PM
සජිත්ට අනුව මේවාට වගකියන්න ඕනේ ලංකාවේ ආණ්ඩුවලු. (ඊශ්‍රායල ප්‍රහාරයත් වගකියන්න ඕනේ අනුර කුමාරලු)