IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉන්දියාවට පහර දෙනවා: අල් කයිඩාව අනතුරු අඟවයි

මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඉන්දියාවේ දිල්ලි සහ මුම්බායි නගරවලටත්, ගුජරාට සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ නගරවලටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අල් කයිඩා ත්‍රස්ත සංවිධානය අනතුරු අගවා තිබේ.

මෙම අනතුරු ඇඟවීම කළේ අල් කයිඩා සංවිධානයට අයත් ආසියානු උප මහද්වීපයේ ක්‍රියාත්මක සාමාජිකයන් බව ද පැවැසෙයි. මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ගල්ෆ් කලාපීය මුස්ලිම් රටවලින් ද ඉන්දීය රජයට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. සෞදිය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඉරානය ද ඒ අතර සිටී.

මහම්මත්තුමාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් දෙදෙනෙකි. ඒ රූපවාහිනී වැඩසටහනක් අතරතුරේය.

එසේ අදහස් ප්‍රකාශ කළේ භාරතීය ජනතා පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශිකා නුපූර් ෂර්මා සහ පක්ෂයේ දිල්ලි ප්‍රාන්ත මාධ්‍ය කටයුතු සම්බන්ධ ප්‍රධානී නවීන් කුමාර්ය.

එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් මොවුන් දෙදෙනාම, මොවුන් දෙදෙනාගේ තනතුරුවලින් ඉවත් කිරීමට භාරතීය ජනතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබේ.

එසේ වුවත්, ගල්ෆ් රටවලින් සහ එම රටවල මුස්ලිම් වැසියන්ගෙන් ඉන්දියාවටත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිටත් දෝෂාරෝපණ එල්ල වී ඇත. අල් කයිඩා සාමාජිකයන් කළ අනතුරු ඇඟවීමත් සමඟ දිල්ලි, මුම්බායි ඇතුළු ප්‍රධාන නගරවල ආරක්ෂාව තවත් දැඩි කිරීමට පියවර ගන්නා බව ඉන්දීය ආරක්ෂක අංශ පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

ඉන්දියාවට පහර දෙනවා: අල් කයිඩාව අනතුරු අඟවයි

Vira Wednesday, 08 June 2022 12:59 PM

අනේ එපා අපි කාලත් ඉවරයි එහෙම වුණොත්... !

:       2       28

සුදු ඇදගෙන කලු ඇවිදින් Wednesday, 08 June 2022 01:36 PM

ඇමරිකාව නැතිකරා කිව්ව අල්කයිඩා එක ආපහු නැගිටලද? අල් කයිඩා කියලා එකක් නැහැ.. සී.අයි.ඒ. එකටම තමයි එහෙම කියන්නේ... මේ අය කරන්නේ අපි, ඉන්දියාව වගේ රටකට එක නීතියක්, එක රටක් කියලා අන්‍ය ජාතීන් අතර ප්‍රශ්න ඇති කරලා, ඔවුන් මේ රටවල් හූරා කනවා.

:       3       24

hjjjlokll Wednesday, 08 June 2022 02:05 PM

නියමයි...!

:       12       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 534 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1689 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site