
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉන්දියානු ණය සහනාධාර යටතේ ඉන්ධන ආනයනය කිරීමට ගත් ණය පියවීම සඳහා රුපියල් කෝටි විසි තුන් දහස් එකසිය පනහක ( 23150) ප්‍රතිපාදන අනුමත කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
මෙම පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
එම ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇත.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 31 වැනිදා රැස්විය. පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය හිමි වූයේ එම රැස්වීමේදීය.
මේ අනුව මෙම මුදල් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් ගත් ණය පියවීමටත් මහා භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාර යටතේ ගත් ණය පියවීමටත් භාවිතා කරන බව මුදල් අමාත්‍යංශයේ නිලධාරීහු එහිදී පැවසූහ.
මෙම මුදලින් රුපියල් කෝටි 12900ක් ශ්‍රී ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ලබා ගන්නා බවත් ඉතිරි රුපියල් කෝටි 10200 ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ලබා ගන්නා බවත් මෙහිදී ප්‍රකාශ විය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඩොලර් කෝටි 100ක පාඩුවක් ලබා ඇති බවත් මෙම අතිරේකය ප්‍රමාණවත් වන්නේ මුළු ණය ප්‍රමාණයෙන් සියයට 30 ක් කියවීමට පමණක් බවත් සඳහන් විය.
එසේම මෙම පරිපූරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුවද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 30000ත් 40000ත් අතර ප්‍රමාණයක් බවද මෙහිදී නිලධාරීහු පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවට ණය ගෙවන්න කෝටි විසි තුන් දාහක් වෙන් කරන්න යයි
Chamila Fernando Thursday, 02 November 2023 04:36 PM
අපේ රට ගැන දුකයි.. ණය උගුලක පැටලෙව්වා සියලුම නායකයින් ටික එකතුවෙලා...!
Bamunuarachchi Thursday, 02 November 2023 05:44 PM
මෙහෙව් ණය තිබෙන වෙලාවකද පාහර ජෙප්පෝ පඩි වැඩිකරන්න කියලා ජනතාව පොළඹ වන්නේ... ඔය කාලකන්නින් බලය ලැබුණොත් ණයත් ගෙවා පඩිත් වැඩි කරනවාද? ඔවුන්ට එහෙම කරන්න පුළුවන් කියා මේ මෝඩ ජනතාව හිතනවද? ජෙප්පෝ බලයට ආවගමන් මිනිරන් ග්‍රැෆයිට් කරනවාලු. ගෙදර කුස්සියේ වෙන්න ඇති කරන්නේ. අවුරුදු සිය ගාණක් මිනිරන් කර්මාන්ත කරපු අපි මිනිරන් ග්‍රැෆයිට් කරන්න පුළුවන් බව දැනගෙන ඉඳලා නැහැ...!
Bamunuarachchi Friday, 03 November 2023 06:42 AM
රනිල් පෝලින් නැති කලේ ණය අරගෙන. දැන් ඉතින් ගෙවපන් ණය. ඝෝටා ණය නොගෙන රට ගෙනියන්න බැලුවා. පාහර ජෙප්පෝ ඒකට ඉඩ දුන්නේ නැහැ. ණය ගෙවනකොට තමයි අපිට තරු පෙනෙන්නේ. 20000 වැටුප් වැඩි වීම දීල රජය විසුරුවා හැරපල්ලා. ඊළඟට එන එකාල කරන හැටි බලන්න.
Nimal de Solva Friday, 03 November 2023 01:29 PM
දැන්වත් හොඳට හිතලා හරි පාරේ යමු. මොකද වෙනසක් කරන්න පුළුවන් පිරිස තවමත් බලයට පැමිණියේ නැහැ...!