IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්දියානු ජාතිකයකු ලෙස හිඳ ‌කෝටි ගණන් වංචා කරලා

( ෂේන් සෙනෙවිරත්න )

ඉන්දියානු ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින් රවටා කෝටි ගණනින් මුදල් වංචා කරමින් සිටි අයෙකු මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණ දින දෙකක් නැවතී සිට එහි බිල් නොගෙවා පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මහනුවර මුලස්ථාන පොලීසියේ සංචාරක පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු ශ්‍රී ලාංකිකයෙකු බව හෙළි වීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මහනුවර මූලස්ථාන පොලීසියට භාරදීමෙන් පසු සිදුකරන ලද පොලිස් විමර්ශනවලදී සැකකරු රට වටා සිදු කරන ලද මහා පරිමාණ වංචාවන් පිළිබඳ තොරතුරු එකිනෙඑක දිග හැරී තිබේ .

සැකකරු එසේ ඉන්දියානු ජාතිකයකු ලෙස පෙනී සිටිමින් සුවිස්ටර්ලන්තය, ඇමරිකාව, එංගලන්තය ආදී රටවලට යාමට වීසා සකස් කර දෙන බව පවසමින් රුපියල් කෝටි ගණනින් වංචා කොට ඇති බව හෙළිව තිබේ . ඔහු ඉංග්‍රීසි සහ ද්‍රවිඩ භාෂාව චතුර ලෙස හසුරුවන බව ද පොලීසිය කියයි .

මහනුවර කටුගස්තොට ප්‍රධාන පෙළේ පිරිමි පාසලක අධ්‍යාපනය හදාරා ඇති සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවද අනාවරණය වී තිබේ .

මෙම සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි 30 ක් පමණ ඇති බවත් ගල්කිස්ස පොලිස් වසමේ වරෙන්තු 22 ක් පමණ ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිව ඇති අතර සැකකරු පිළිබඳ පූර්ණ වාර්තාවක් කැඳවීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථානවලට සැකකරුගේ අනන්‍යතා විස්තර ලබා දී තිබේ.

 



අදහස් (1)

ඉන්දියානු ජාතිකයකු ලෙස හිඳ ‌කෝටි ගණන් වංචා කරලා

chandima Tuesday, 01 August 2023 09:22 PM

පව්, ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියන් කාරයෙක් වගේ උන්නු නිසා හිරේ ඉන්න වුණා. ඉන්දියන් කාරයෙක් ශ්‍රී ලාංකිකයෙක් වගේ ඉඳන් ඔය වැඩේ කළා නම් ලොක්කා එක කෝල් එකෙන් ගෙදර යවනවා. ජාත්‍යන්තර සම්බන්ධතාවය දන්නේ නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site